පුවත් සහ සිදුවීම්
-
1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) මහජනතාව වෙත එළිදැක්වීම
1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app)නිල වශයෙන් එළිදැක්වීම, 2020.11.20 දිනජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය ලේකම් එම. කේ. එම්. එස්. ඩී. ජයසේකර මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කරන [...]
-
2021 ජනවාරි 04 වැනි දිනට යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා විසින් නිකුත් කරනු ලබන පණිවුඩය
"ළමුන් සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතුයි.” ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ. සෑම වර්ෂයකම ජනවාරි 04 වන දිනට යෙදෙන මෙය ප්‍රකාශයට පත්කර ඇත්තේ ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම මෙන්ම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් [...]
-
ළමා හිංසනයට එරෙහි ජාතික දිනය – 2020 ජනවාරි 04
ළමා හිංසනයට එරෙහි ජාතික දිනය සැමරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් දිවයින පුරා පුළුල් ස්ටිකර් ව්‍යාපාරයක් සංවිධානය කරනු ඇත. ආරම්භක වැඩසටහන 2021 ජනවාරි 04 වන දින ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ මඟ පෙන්වීම යටතේ පැවැත්වේ. ළමා හිංසනයට එරෙහි වීමට මහජනතාව දැනුවත් [...]
-
1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) එළිදැක්වීම
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය අත්සන්කර 2020.11.20 දිනට වසර 31ක් සැපිරීම නිමිත්තේන් අද දින ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ශ්‍රී ලාංකික ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමටත්, සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ළමයින් මුදවා ගැනීම අරමුණු කොටගෙන 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) නිර්මාණය කර නිල එළිදැක්වීම [...]
-
බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරේ
කොළඹ ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර පිරිමි දරුවෙකු (අවු.10) 2013 වසරේදී බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, කොළඹ ප්‍රදේශයේ පදිංචි සැකකරු (අවු.41) අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත නඩුවක් ඉදිරිපත් කිරීමෙන් පසුව, ගරු මහාධිකරණය [...]
-
බාලවයස්කාර පිරිමි දරුවෙකු කෲරත්වයට පත් කළ විදුහල්පතිවරයෙකුට වසර 02ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරේ
බාලවයස්කාර පිරිමි දරුවෙකුට (අවු.12), 2013 වර්ෂයේදී පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, කොළඔ ප්‍රදේශයේ පදිංචි සැකකරු (අවු.52) අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් පසුව, චූදිතයා විසින් තමා වරදකරු බවට පිළිගෙන තිබේ. චූදිත [...]
-
5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසලේ මුරකරු, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට
කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත ලිපියක් මඟින් කරන ලද දැනුම්දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මගින්, පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු (අවු.39) අත්අඩංගුවට ගෙන, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් [...]
-
කොවිඩ් – 19 ව්‍යසන කාල සිමාව තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් නව මනෝ සමාජීය සේවාවන් රැසක්
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයින් සඳහා උපදේශනය සහ මනෝසමාජීය සේවාවන් සපයන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයයි. පැවති කොවිඩ් -19 ව්‍යසන කාලසිමාව තුළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් වසා තිබිය දී දැයේ දරුවන්ගේ උපරිම සුබසිද්ධිය උදෙසා නව ක්‍රමවේදයක් ලෙස දුරස්ථ මනෝ සමාජීය සහය සේවාව ආරම්භ කරන ලදී. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ සංකල්පයකට අනුව [...]