ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

  • 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) මහජනතාව වෙත එළිදැක්වීම

    
    1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app)නිල වශයෙන් එළිදැක්වීම, 2020.11.20 දිනජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය ලේකම් එම. කේ. එම්. එස්. ඩී. ජයසේකර මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර, එදින සිට මාස 2ක පර්යේෂණ කාලයක් අවසන් කිරීමෙන් පසු මෙසේ මහජනතාවගේ පරිහරණය සඳහා මෙම 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) එළිදැක්වීම සිදු කරනු ලබයි.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලාංකික ළමයින් සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් මුදවා ගැනීමත්, ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමත් අරමුණු කොටගෙන නිර්මාණය කරන ලද 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) මහජනතාව වෙත එළිදැක්වීම 2021.01.21 වන දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේදී සිදු කරනු ලබයි.
    මෙම 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) භාවිත කරමින් ඕනෑම ආකාරයක ළමා අපයෝජනයක් පිළිබඳ තොරතුරු, ඊට අදාළ සාක්ෂි (වීඩියෝ පට, ඡායාරූප) ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ඉතා කඩිනමින් යොමු කිරීමට පුරවැසියෙක් ලෙස ඔබට අවස්ථාව ලැබෙනු ඇත. නවලොව තාක්ෂණික දියුණුව ඉතා වේගයෙන් සිදුවීමත්, ජංගම දුරකථන, පරිගණක වැනි තාක්ෂණික මෙවලම් භාවිතය සීග්‍රයෙන්යෙන් ඉහළ ගොස් තිබීමත් හේතුවෙන් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි භාර ගැනීමේ ක්‍රමවේදයන් අතරට මෙම 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) එක් කිරීම මගින් එම ක්‍රියාවලිය වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව ලැබේ. 
    මෙම 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම සැකසීම සඳහා දායකත්වය Save The Children International, World Vision Sri Lanka සහ LEADS යන ආයතන සපයන ලදී. මෙම 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම සඳහා තාක්ෂණික දායකත්වය සර්වෝදය Fusion ආයතනය විසින් සපයා ඇත. 
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2021.01.20 
    
  • 2021 ජනවාරි 04 වැනි දිනට යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා විසින් නිකුත් කරනු ලබන පණිවුඩය

     "ළමුන් සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතුයි.”
    
    ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ. සෑම වර්ෂයකම ජනවාරි 04 වන දිනට යෙදෙන මෙය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ ළමා හිංසනයට එරෙහිව ක‍්‍රියාත්මක වීම මෙන්ම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩනැගීම පරමාර්ථ කරගනිමිනි. 2009 වර්ශයේ දී ආරම්භ වන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය මෙවර සමරන්නේ 13 වෙනි වරටයි.
    දරුවන්ගේ ජීවිත වඩාත් යහමගට යොමු කළ හැකි ප‍්‍රධාන පුද්ගලයන් වන්නේ දෙමව්පියන්ය. එමෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේද වගකීම වන්නේ ලෝකය භාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමය. ලොව සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ළමුන් වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීමය. එමෙන්ම අද වන විට වර්ධනය වන ප‍්‍රවනතාවක් ලෙස අධ්‍යාපනය ලබන පාසල තුළදී ළමුන් හිංසනයට ලක් වන බව අසන්නට දකින්නට ලැබේ. මෙවැනි ළමා හිංසනයන් තුළින් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත්, සෞඛ්‍ය හා මානසික තත්වය පිරිහීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය බිඳ වැටීමත් සිදුවේ. මොවුන් පසු කළ සමාජයට වෛර කරන කෲරත්වයෙන් අනෙකා පෙළන සමාජයට අවැඩදායී පුද්ගලයන් බවට පත් විය හැකිය. එබැවින් වැඩිහිටියන් ලෙස අප සමාජයේ දරුවන්ව ආදරයෙන් රැකබලා ගැනීම හා ඔවුන්ට ආදර්ශවත් වන ලෙස ජීවත් වීමට වග විය යුතු වේ.
    දරුවකු සිදු කරන වැරැුද්දකට ශාරීරිකව ද`ඩුවම් කිරීමට වඩා එම දරුවාට එය වැරැුද්දක් බව ආදරයෙන් අවබෝධ කරදීම තුළින් ලැබෙන ප‍්‍රතිඵල වැඩදායක වේ. එය ධනාත්මක ශික්ෂණ ක‍්‍රමය වන අතර අප සිදු කළ යුත්තේ දරුවා නිවැරදි කිරීමල අවබෝධ කරදීමල දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ට නිවැරදි ම`ග පෙන්වා දීමයි. විශේෂයෙන් ළමුන්ගේ අදහස් වලට ගරු කරමින් තීරණ ගැනීමේදී ඒවා ක‍්‍රියාත්මක කිරීමටද වැඩිහිටියන් වශයෙන් අප වග බලාගත යුතුය. එමෙන්ම, ‘මගේ ළමයා’ යන සිතිවිල්ලෙන් මිදී  ‘අපගේ ළමයින්, යන සිතුවිල්ලට අප එළඹිය යුතු කාලය පැමිණ ඇති බව දැනේ.
    දැයේ දරුවන් ළමා හිංසනය ඇතුලු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතු බව මම විශ්වාස කරමි. ඒ අනුව මෙරට වැඩිහිටි පුරවැසියන් වන අපි සෑමවිටම ළමයා ළමයෙකු බව වටහා ගනිමින් ඔවුන්ට දයාව කරුණාව හා සැලකිල්ල ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දෙමින් ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබිල අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමාජයක් බිහි කිරීමටත් එක්සත්ව එක්සිත්ව එක්වන මෙන් ගෞරවයෙන් ඔබට ආරාධනා කරන්නෙමි. සුභ නව වසරක් වේවා! 
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2021.01.04 
    
  • ළමා හිංසනයට එරෙහි ජාතික දිනය – 2020 ජනවාරි 04

    ළමා හිංසනයට එරෙහි ජාතික දිනය සැමරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් දිවයින පුරා පුළුල් ස්ටිකර් ව්‍යාපාරයක් සංවිධානය කරනු ඇත.
    ආරම්භක වැඩසටහන 2021 ජනවාරි 04 වන දින ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ මඟ පෙන්වීම යටතේ පැවැත්වේ.
    ළමා හිංසනයට එරෙහි වීමට මහජනතාව දැනුවත් කිරීමට අප හා එක්වන්න!
    

    134835059_910168383057513_9142666221351202585_n

  • 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදැක්වීම

     
    
  • 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) එළිදැක්වීම

    එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සන්කර 2020.11.20 දිනට වසර 31ක්  සැපිරීම නිමිත්තේන් අද දින ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ශ්‍රී ලාංකික ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමටත්, සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ළමයින් මුදවා ගැනීම අරමුණු කොටගෙන 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) නිර්මාණය කර නිල එළිදැක්වීම අද දිනජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය ලේකම් එම කේ. එම්. එස්. ඩී. ජයසේකර මැතිණියගේ  සහභාගීත්වයෙන් සිදු කරනු ලබයි.
    මෙම 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app)පර්යේෂණ කාලය අවසන් වූ පසු මහජනතාවගේ පරිහරණය සඳහා ලබා දීමට නියමිතය. මෙම 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම නිර්මාණය සඳහා දායකත්වය Save The Children International, World Vision Sri Lanka සහ  LEEDS යන ආයතන සපයන ලදී. මෙම 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම සඳහා තාක්ෂණික දායකත්වය සර්වොදය Fusion ආයතනය විසින් සපයා ඇත.
    මීට අමතරව අද දින මෙම උත්සවයේදී “ළමා අපයෝජනය හදුනා ගැනීම වලක්වා ගැනීම හා කළමණාකරණය” ග්‍රන්ථය එලි දැක්වීම සිදු කරනු ලබයි. මෙමගින් ළමා ආරක්ෂණය සම්බන්ධව දැනුම ලබා ගැනීමට සියලුම දෙනාට හැකියාව ලැබෙනු ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මැතිතුමා ඇතුලු විද්වත්  කතෘ මණ්ඩලයක් විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
    තවද 1929 ළමා උපකාරක දුරකථන සේවය ළමයින්ට, වැඩිහිටියන්ට සහ ජනතාවට සමීප කරවීම තුළින් ළමා අපයෝජනයන් වාර්තා කිරීමට පෙළඹවීම සඳහා 1929 පිළීබඳ නිර්මාණය කරන ලද ගීතයක් ද අද දිනයේදී එළිදක්වන ලදි. මේ සඳහා වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය සහයෝගීතාවය දක්වා ඇත.
    
    Pic1 - NCPA 2020.11.20
    Pic2 - NCPA 2020.11.20
    Pic3 - NCPA 2020.11.20
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.11.20 
    
  • අන්තර්ජාලය හරහා සිදුවන ළමා සහ තරුණ අපචාර වැළැක්වීම @ අද දෙරණ 24 (2020.09.20)

    
    
  • බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරේ

    කොළඹ ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර පිරිමි දරුවෙකු (අවු.10) 2013 වසරේදී බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්  ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, කොළඹ ප්‍රදේශයේ පදිංචි සැකකරු (අවු.41) අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත නඩුවක් ඉදිරිපත් කිරීමෙන් පසුව, ගරු මහාධිකරණය විසින් නඩුව විභාග කොට 2020 වසරේ අගෝස්තු මාසයේදී සැකකරු වරදකරු කොට ඇත. 
    
    එසේ වරදකරු බවට ඔප්පු වූ චූදිතට ගරු අධිකරණය විසින් වසර 10ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කළ අතර, ඊට අමතරව රු. 10,000/=ක දඩ මුදලක් ද නියම කරන ලදි. එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 8ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර  පිරිමි දරුවාට රු. 50,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර තිබේ. තවද, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසර 1ක සිර දඬුවම් ලබා දීමට ද නියම කර තිබේ.
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.09.17 
    
  • බාලවයස්කාර පිරිමි දරුවෙකු කෲරත්වයට පත් කළ විදුහල්පතිවරයෙකුට වසර 02ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරේ

    බාලවයස්කාර  පිරිමි දරුවෙකුට (අවු.12), 2013 වර්ෂයේදී පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන්  ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, කොළඔ ප්‍රදේශයේ පදිංචි සැකකරු (අවු.52) අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් පසුව, චූදිතයා විසින් තමා වරදකරු බවට පිළිගෙන තිබේ.
    	
    චූදිත විදුහල්පතිවරයා  විසින් සිය වරද පිළිගැනීමෙන් අනතුරුව, ගරු අධිකරණය විසින් වසර 2ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර, වසර 5කට අත්හිටුවා ඇති අතර, රු. 5000/=ක දඩ මුදලක් ගෙවීමට ද නියම කර තිබේ. එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 3ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර  පිරිමි දරුවාට රු. 25,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර ඇති අතර, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසර 1ක සිර දඬුවම් ලබා දීමට ද නියම කර තිබේ.
    
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.09.14 
    
  • 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසලේ මුරකරු, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට

    කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත ලිපියක් මඟින් කරන ලද දැනුම්දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මගින්, පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු (අවු.39) අත්අඩංගුවට ගෙන, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
    
    සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එහිදී දැරියන් ප්‍රකාශ කර ඇත්තේ මෙම මුරකරු දැරියන්ව ලිංගික අතවරයට ලක් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිතුමන්ගෙන්, ගුරුවරුන්ගෙන් හා දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
    
    වින්දිත දැරියන් හා සැකකරු වෛද්‍ය පර්යේෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු බාල වයස්කාර දැරියන් තිදෙනාට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනතේ 05 වන වගන්තියෙන්  සංශෝධිත 345 වන වගන්තිය යටතේ, නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 
    
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රමලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එන්. කදිරගාමර්, උ.පො.ප. සෝමසිරි, පො.සැ. (48830) විමලසේන, කා.පො.කො. (10549) මධුවන්ති, කා.පො.කො. (10770) ලක්මාලී යන නිලධාරී මහත්ම මහත්මීන් විසින් මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදු කර තිබේ.
    
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.09.03 
    
  • කොවිඩ් – 19 ව්‍යසන කාල සිමාව තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් නව මනෝ සමාජීය සේවාවන් රැසක්

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයින් සඳහා උපදේශනය සහ මනෝසමාජීය සේවාවන් සපයන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයයි.  පැවති කොවිඩ් -19 ව්‍යසන කාලසිමාව තුළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් වසා තිබිය දී දැයේ දරුවන්ගේ උපරිම සුබසිද්ධිය උදෙසා නව ක්‍රමවේදයක් ලෙස දුරස්ථ මනෝ සමාජීය සහය සේවාව ආරම්භ කරන ලදී. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ සංකල්පයකට අනුව “සිත් සවිය” - ජාතික ළමාකේන්ද්‍රිය මනෝ සමාජීය සහය සේවාව හදුන්වා දෙන ලදී.  
    
    මෙහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මනෝසමාජීය අංශය ප්‍රධාන මෙහෙයුම් ඒකකය ලෙසට ක්‍රියාත්මක වන අතර ඊට සමගාමීව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි  දිස්ත්‍රික් මනෝසමාජීය නිලධාරීන්,  දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් සේවා සැපයීමේ ජාලයක් ස්ථාපිත කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමග දැනට රාජ්‍ය සේවයේ සිටින සියලුම උපදේශන නිළධාරීන් එකම සේවාවකට ගොනු කිරීමයි. 
    
    උදාහරණයක් ලෙස සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත කර සිටින කාන්තා කාර්යාංශයේ උපදේශන නිලධාරීන්, උපදේශන සහකාරවරැන් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උපදේශන නිලධාරීන්, උපදේශන සහකාරවරැන්, දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් වල මානසික සෞඛ්‍ය සායන, පවුල් සෞඛ්‍ය කාර්යංශයට අදාල මිතුරු පියස යන සියලුම කණ්ඩායම් වල එකතුවකි. ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ සහ දිස්ත්‍රික්ක වශයෙන් සියලුම නිලධාරීන්ගේ තොරතුරු අන්තර්ගත වේ. මේ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික මට්ටමේ මනෝ සමාජිය සහන සේවයක් දැන් අපට ඇත.
    
    මෙම මානසික ප්‍රථමාධාර සහ මනෝසමාජීය සහාය සේවාවන් සැපයීම නිරීක්ෂණය (Look ),සවන්දීම ( Listen ) සහ සම්බන්ධීකරණය ( Link ) යන මූලධර්ම මත පිහිටා ක්‍රියාත්මක කරයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් පැය 24 පුරා ක්‍රියාත්මක වන 1929 ළමා උපකාරක දුරකථන සේවය වෙත යොමුවන පැමිණිලි හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඉහත සඳහන්  දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නිලධාරීන්  වෙත ලැබෙන සෘජු ඉල්ලීම්  සඳහා  මෙම සහාය සේවාව සපයයි. එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මනෝ සමාජීය අංශය මෙම කටයුතු සම්බන්ධීකරණය , තාක්ෂණික උපදෙස් ලබා දීම, මෙහෙයවීම සහ නියාමනය සිදු කරයි.
    
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමන්ගේ ඉල්ලීම මත ඩයලොග් ආසියාටා (Dialog Axiata) සමාගම  මගින් ස්මාර්ට් දුරකතන තිස්පහක් සහ ඩයලොග් දුරකතන සබඳතාවන් ( සිම්පත් ) 35ක් ලබාදුන් අතර ඒ තුළින් මෙම සේවාව වඩාත් සාර්ථකව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා කර දී ඇත.   එම නිලධාරින්ගේ නම් සහ දුරකථන අංක ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් පිටුවෙහි www.childprotection.gov.lk / ඇමතුම් / හි  ප්‍රදර්ශනය කර ඇත.
    
    කොවිඩි19 වසංගතයේ අවධානම දැඩිව ව්‍යාප්තව පැවති වකවානුව තුළ උක්ත සේවාව යටතේ 1929 සේවාවට  වාර්තාවූ පැමිණිලි අතරින් මනෝසමාජීය අංශයට යොමුවූ පැමණිලි 363ක් සඳහා මනෝසමාජිය සහායන් සපයා ඇත. ඒ යටතේ  ඇදිරි නීති බලපත්‍ර ලබාදිම්, දරුවන් හා දෙමාපියන් වෙන්ව සිටි පවුල්  (ඇදිරිනීතිය හේතුවෙන්) එකතු කිරීම, ආර්ථික අපහසුතා ඇති පවුල් රජය, ස්වේච්ඡා සංවිධාන හා පුද්ගලයන් විසින් ක්‍රියාත්මක කර තිබූ සහන සේවාවන් සමඟ සම්බන්ධ කිරීම, මානසික ආතතිය ඇතුළු අනෙකුත් මානසික ගැටළු සඳහා උපදේශන සේවා ලබාදීම්, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ සේවාලාභීන් අදාළ වෛද්‍ය අංශ වෙත යොමු කිරීම යනාදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය සේවාවන් ලබාදිම් සිදු කර ඇත.
    විශේෂයෙන්ම මෙම සේවාව මගින්  පාසල් උපදේශන ගුරුවරුන්ට තම පාසල් ළමුන් සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරිමටත් එම ගැටලු වලට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මනෝ සමාජීය සහය ලබා ගැනීමටත් හැකියාව ඇත. 
    “සිත් සවිය” - ජාතික ළමාකේන්ද්‍රිය මනෝ සමාජීය සහය සේවාව වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දෛනිකව, සති මට්ටමින් සහ මාසිකව ප්‍රගති සමාලෝචන සාකච්ඡාවන් (Daily, Weekly and Monthy Progress Reviews) පැවැත්වෙන අතර එහිදී පැමිණිලි සඳහා මැදිහත්කරණයන් සපයන නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීමි සිදු කරනු ලබයි.  
    
    ඊට අමතරව Zoom සහ Microsoft Teams  පහසුකම් හරහා මානසික ප්‍රථමාධාර ලබාදීම, අන්තර්ජාල අපරාධ වැලැක්වීම සම්බන්ධ විශේෂ පුහුණු වැඩමුළු ගණනනාවක් ද මෙම සේවාව හරහා නිලධාරීන් වෙත ලබාදෙන ලදී. 
    ජාතික ළමා කේන්ද්‍රීය මනෝසාමාජීය සහාය සේවාව යටතේ මේවන විට දිවයින තුළ උපදේශනය,  මනෝ චිකිත්සන සහ මනෝසමාජීය සහාය සේවාවන් පවත්වාගෙන යනු ලබන  රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන , රජයේ රෝහල් ආදියේ තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතියක් නිර්මාණය කර ඇත.
    
    එමෙන්ම ළමයින්ගේ උපරිම යහපැවැත්ම උදෙසා කටයුතු කරන සියලූම නිලධාරීන්, ආයතන සහ මනෝසමාජීය සහාය සේවාවන් සැපයීමට අදාළ වෘත්තීයවේදීන් සම්බන්ධ කර ගනිමින් මෙම ජාතික සේවාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් මාසික ප්‍රගති සමාලෝචන සාකච්ඡාවන් මාසිකව පැවැත්වේ.
    
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.09.02 
    
  • වයස අවුරුදු 15ක දැරියක් ගැබිනියක කර, පලා ගොස් සිටි සැකකරුවෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට

    බස්රථයකදී හමු වූ තරුණයෙකු (අවු. 22) සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ගර්භනී භාවයට පත්වූ වයස අවුරුදු 15ක දැරියක් සම්බන්ධයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් මගින්, අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
    
    2019 වසරේ ජූනි මාසයේ දිනක සිය දෙමව්පියන් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් නිවසින් පිටවූ දැරිය මහනුවර පදිංචි තම මාමාගේ නිවසට බස්රථයක නැගී යන අතරතුරදී, දැරියට මෙම තරුණයා මුණගැසී තිබේ. පසුව දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් ගොඩනැගී ඇති අතර, මෙම මුණගැසීමෙන් මසකට පමණ පසු අදාළ සැකකාර තරුණයා විසින් දැරියව දෙල්ගොඩ ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබේ. ඉන්පසු, ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස දින කිහිපයක්ම ජීවත් වී ඇති අතර, පසුව මෙම දැරියව පිටකොටුව බස් නැවතුම්පලට ගෙනවිත් ඇරලවා තිබේ.
    
    පසුව, ගර්භනී තත්ත්වයට පත්වී ඇති මෙම දැරිය, දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව දියණියක් බිහි කර ඇති අතර, ඒ පිළිබඳව රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු සිදුකර තිබේ. එහිදී, මෙම සැකකාර තරුණයා සම්බන්ධ කිසිදු තොරතුරක් දැරිය විසින් දැන නොසිටි අතර, පසුව දැරිය වෙත දුරකථන ඇමතුම් ලබා දුන් දුරකථන අංකය ඔස්සේ පර්යේෂණ කටයුතු සිදු කොට තිබේ. එමගින් සොයාගත් තොරතුරුවලට අනුව, මෙම සැකකාර තරුණයා මුන්නේස්වරම් කෝවිල අසළ පළතුරු කඩයක රුකියාව කරමින් සිටින බව තහවුරු කරගෙන ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා එම ස්ථානයට ගියද ඒ වනවිටත් සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් සිට ඇති අතර, පසුව වැඩිදුරටත් සිදු කළ විමර්ශන මගින් මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. 
    
    මෙවැනි වරදක් සිදු කරනු ලබන තැනැත්තෙකුට 1995 අංක 22 දරණ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) වගන්ති අංක 364 (1) යටතේ, ස්ත්‍රී දූෂණය වරද සඳහා අවු. 7ට නොඅඩු 20ට නොවැඩි බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමක්, රු.20,000/= නොඉක්මවන දඩයක් හා වින්දිත ළමයාට වන්දි මුදලක් ගෙවීමට ද වගන්ති අංක 354 යටතේ, නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණය කිරීමේ වරද සඳහා අවු. 7ක බරපතළ වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාරගත කිරීමක් හා දඩයක් ගෙවීමට ද සිදුවේ.
    
    ළමයින් අනිවාර්ය අධ්‍යාපනය ලැබියයුතු වයස් සීමාව තුළ, අනිවාර්ය අධ්‍යපනය ලබා ගැනීම සඳහා ළමයින්ව යොමු කරන ලෙසත්, ළමයින්ගේ ක්‍රියාකාරකම්, ඔවුන් ඇසුරු කරන පුද්ගලයින් හා යන එන ස්ථානයන් පිළිබඳව නිරන්තරයෙන්ම වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් හා භාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.08.26 
    
  • බාල වයස්කාර පිරිමි දරුවෙක් අපයෝජනය කළ නර්තන ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට

    බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කළ, වයස අවුරුදු 42 ක  පුද්ගලයකු විසින් කාලයක් තිස්සේ  සිදු කරන ලද, වයස අවුරුදු 17 ක බාල වයස්කාර පිරිමි දරුවෙක්  අපයෝජනයට ලක්  කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මෙම බාල වයස්කාර දරුවා දැඩි මානසික අපයෝජනයකට ද ලක්වී ඇති බව තව දුරටත් අනාවරණය වී ඇත.
    2019 වර්ෂයේ අගභාගයේ ක්‍රීඩාංගනයක පැවති වෙස් මංගල්‍යයක පුහුණුවීම් කරන අතරතුර දිනක රාත්‍රී මෙම දරුවා ඔහුගේ කාරයේ නංවාගෙන කෑම ගෙන ඒම සඳහා ගිය බවත්, ඒ අවස්ථාවේ ඔහු දරුවාට මත් ද්‍රව්‍යක් මිශ්‍ර කොකාකෝලා පානය කිරීමට සලස්වා බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළ බවත් අනාවරණ වී ඇත.
    තවද, මෙම සිද්ධියට ප්‍රථමව ද මෙම නර්තන ගුරුවරයා බාල වයස්කාර ළමයින් 03 දෙනෙකු ඇතුළු 11 දෙනෙකුගේ කණ්ඩායමක් විදේශ රටකට සංචාරයක් සඳහා රැගෙන ගොස් ඇත. මෙහිදී සිදුකරන ලද විමර්ශන වලදී හෙලිවූයේ සංචාරය සදහා සහභාගී වූ එක් බාලවයස්කාර පිරිමි දරුවකු අපයෝජනයට ලක් කිරීමට මෙම සැකකරු උත්සහ කර ඇති බවයි. පසුව එම ළමුන්ගේ භාරය වැඩිහිටි දරුවකුට පවරා එම නර්තන ගුරුවරයා ලංකාවට පැමිණ ඇත. එම දරුවන් ආපසු ලංකාවට පැමිණීමට ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ එම දරුවන්ගේ ගුවන් ටිකට්පත් අවලංගු වී තිබීම හේතුවෙන්, එම දරුවන්ව ගුවන්තොටුපලින් එලවා දමා ඇත. අනතුරුව එක් දරුවකු ඒ රටේ තානාපති කාර්යාලයට කතා කිරීමෙන් අනතුරුව තානාපති කාර්යාලයෙන් නිලධාරීන් පැමිණ දරුවන් තනාපති කාර්යාලයට රැගෙනගොස් අවශ්‍ය සුබසාධන පහසුකම් ලබා දී සැකකාර නර්තන ගුරුවරයා ලවා නැවත ගුවන් ටිකට්පත් ගෙන්වාගෙන ළමුන් ලංකාවට එවීමට කටයුතු කර තිබුණි. තවද මෙම සැකකාර නර්තන ගුරුවරයා මීට පෙර බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු යොදාගෙන අන්තර්ජාලය හරහා දැරියක් අපහසුතාවයට පත් කිරීමකට ද සම්බන්ධ වී ඇති බවටද තව දුරටත් අනාවරණය කරගෙන ඇත.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු නීතීඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මින්ගේ මඟ පෙන්වීම යට‌ෙත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එන්. කදිරගාමර් මහතා , කාන්තා උප පොලිස් පරීක්ෂක චිත්‍රා නන්දනී මහත්මිය ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම සිද්ධිය‌ට අදාලව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර ගෙන යනු ලැබේ.
    ළමයින් විවිධ විෂය සමගාමී කටයුතු වල යෙදවීමේදී සියලු දෙමාපියන් සහ වැඩිහිටියන් ළමයින් පිළිබඳව ඉතා අවධානයෙන් පසු වන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් සහ සියලු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.
    මහාචාර්ය මුදිත විදානපතිරණ සභාපති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.08.24
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් 2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිට සෞභාග්‍යයේ දැක්ම සමග නව වැඩ පිළිවෙලක්

    රජයේ නව දැක්ම වන සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වන පවුලක් ඇති කිරීම සඳහා 2020 ජනවාරි මාසයේ සිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වඩා පුළුල් ලෙස ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත. 
    දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතූන් මත ප්‍රමාද වී පැවති ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2019 ඔක්තෝම්බර් මස 29 වන දින අමාත්‍ය මණ්ඩල අණුමැතිය ලබා දී ඇත. ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ 2020.01.07 දින ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි පස් (05) අවුරුදු සැලැස්ම සකස් කිරීමේඅරමුණින් අමාත්‍යාංශ 10ක කේන්ද්‍රීය නිළධාරීන් සමඟ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කරන ලදි. ඒ අනුව, 2020 ජනවාරි මාසයේ සිට මේ වන විට අධිකරණ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය යන අමාත්‍යාංශ 4 සමග පස් (05) අවුරුදු සැලැස්ම සකස් කිරීමට අවශ්‍ය සාකච්චඡා අවසන් කරන ලදි. එසේම, 2020 නොවැම්බර් මස අවසන් වනවිට, මෙම ළමා ආරක්ෂාව පිළිබඳ පස් (05) අවුරුදු සැලසුම සකස් කර අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වනවිට සැලසුම් කර ඇත.
    ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සංශෝධනය කිරීමට අවශ්‍ය අනුමැතිය අධ්‍යක්ෂ මණ්ඩලය ලබා දී ඇත. ඒ සඳහා නීති විශාරදයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක දායකත්වය ලබා ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත කාලීනව සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට කඩිනමින් සිදු කරමින් පවතී. ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සැකසීම සඳහා ජාතික විද්වත් කමිටුවක් පත් කර ප්‍රතිපත්තිය අවසන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
    එසේම ළමා අපයෝජන / ළමා සැකකරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ජනමාධ්‍යවේදීන් විසින් සැලකිළිමත් වියයුතු කරුණු පිළිබඳ සකසා ඇති ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය අවසන් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය වෙමින් කටයුතු සිදු කරමින් පවතී.
    සිත් සවිය - ජාතික ළමා කේන්ද්‍රීය මනෝ සමාජීය සහය සේවාව ( National Child Centered Psychosoial Support service - NCPS ) කොවිඩ්-19 තත්ත්වය හමුවේ ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය මනෝ සමාජීය සහාය ලබා දීමේ අරමුණෙන් ආරම්භ කරන ලදි. මේ වනවිට දීපව්‍යාප්තව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් මනෝසමාජයීය නිලධාරීන්ගේ දායකත්වයෙන් උපදේශනය අවශ්‍ය මෙන්ම, මනෝ සමාජීය සහාය අවශ්‍ය ළමයින්ට මෙම සේවයෙන් සහාය ලබා දෙනු ඇත.
    ළමා අපයෝජනයන්ට ලක් වන වින්දිත ළමයින් ආරක්ෂා කිරීම සඳහා වන වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ කාර්යයට අදාළව, එම කාර්යය වඩාත් කාර්යක්ෂමව සිදු කරීම සඳහා, වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් පළාත් 9 තුළ කඩිනමින් ස්ථාපිත කිරීමට අවශ්යක කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. විවිධ හේතූන් මත සිය අලුත උපන් බිළිඳුන් හෝ වයස අවුරුදු 1ට අඩු ළමයින් ප්‍රතික්ෂේප කරමින් විවිධ ස්ථානයන්හී අතහැර දමා යාම වැලැක්වීම සඳහා බිළිඳුන් භාර ගැනීමේ කවුළු ( Infant receiving windows ) පළාත් හි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව ඇති කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
    ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කර තිබේ. ඒ යටතේ ළමා අපයෝජනය සිදු කරනු ලබන සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය ( Complaint Update and Management Digital System – CUMS ) ප්‍රථම වරට මේ වනවිට සකසා අවසන් කර ඇත.
    එසේම සෑම පොලිස් ස්ථානයක් විසින්ම ප්‍රථම වාර්තාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැය 24ක් ඇතුළත අනිවාර්යයෙන් යොමු කළ යුතුය. එය පදනම් කොටගෙන ළමයින් සම්බන්ධ නඩු කටයුතු නියාමනය කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රථම වරට ආරම්භ කර ඇත. එසේම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය( Police Complaint Update and Management Digital System – Police CUMS ) ප්‍රථම වරට සකස් කිරීමේ කටයුතු මේ දිනවලදී සිදු කරමින් පවතී.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමා රැකවරණ සේවා සපයන ආයතන හා ළමා රැකවරණ සේවා අධීක්ෂණය කිරීමේ හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීමේ නව අධීක්ෂණ කටයුතු 10ක් ආරම්භ කර ඇත.
    ළමා සංවර්ධන මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of Minimum Standards of Child Development Centres – CDC) රජය භාර ගැනීමේ නිවාස අධික්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of Minimum Standards of Government Receiving Homes – GRH) රජයේ රැඳවුම් නිවාස අධික්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of Minimum Standards of Remand Homes) රජයේ සහතික කළ පාසල් අධීක්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of Minimum Standards of Certified Schools – CS) ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of Minimum Standards of Child Day Care Centres – DCC) මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of Minimum Standards of Early Childhood Development Centres – ECDC) පාසල් ළමා ආරක්ෂක කමිටු අධීක්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of Minimum Standards of School Child Protection Committees – SCPC) පාසල් ළමුන්ගේ අනිවාර්ය අධ්‍යාපනය තහවුරු කිරීමේ කමිටු අධීක්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of Minimum Standards of Compulsory Education Committees) සුදුසු තැනැත්තන් යටතේ රැකවරණය ලබන ළමුන් පිළිබඳව අධීක්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of children under the custody of Fit persons) ළමා නේවාසිකාගාර අධීක්ෂණය කිරීම හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීම. (Monitoring and Establishment of Minimum Standards of Child Hostels)
    තවද, මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පවතින පුරප්පාඩු 186 ඉදිරියේදී කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.
    ළමයින්ව සියළුම ආකාරයේ අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත සමාජ වටපිටාවක් ගොඩනැගීම සදහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරන්තරයෙන් කැප වී සිටී. ඕනෑම ළමා අපයෝජනයක් හෝ නොසලකා හැරීමක් ක්ෂණිකව වාර්තා කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවය පැය 24 පුරා නොමිලයේ සේවය ලබා දෙයි. ළමයින්ට සිදුවන කවර හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 අංකයට දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එම පැමිණිලි සඳහා ක්ෂණික පියවර ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය සියළු කටයුතු සූදානම් කර ඇත.
    මහාචාර්ය මුදිත විදානපතිරණ සභාපති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.08.20
  • වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කළ තවත් ටියුෂන් ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට

    ගණිතය විෂයට ටියුෂන් ලබා දීමේ මුවාවෙන් නිවසට පැමිණි ටියුෂන් ගුරුවරයෙකු විසින් කාලයක් මුළුල්ලේ අවුරුදු 12ක බාල වයස්කාර පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත 2020 ජූලි මස ලැබුණු පැමිණිල්ලකට අනුව, පෙරේදා (17) දින එම ටියුෂන් ගුරුවරයා අත් අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
    2018 වසරේදී සිදුවී ඇති මෙම සිද්ධිය සම්බන්ධව වින්දිත ළමයා විසින් ප්‍රථමයෙන් තම යහළුවෙකුට පවසා ඇති අතර, පසුව දෙමව්පියන්ට සිද්ධිය පිළිබඳව පැවසීමෙන් අනතුරුව, පසුගිය දිනක මෙම ළමයා සහ ඔහුගේ දෙමව්පියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණ, මෙම සිදුවීම ගැන පැමිණිලි කිරීමෙන් අනතුරුව, දෙමව්පියන්ගෙන් හා ළමයාගෙන් සිද්ධිය පිළිබඳව කටඋත්තර සටහන් කරගෙන ඇත.
    ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මෙම බාලවයස්කාර පිරිමි ළමයාගේ පියා විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වන අතර, තම ළමයාට ගණිතය විෂයට ටියුෂන් ගුරුවරයෙකු අවශ්‍ය වන බව ඔහු විසින් තමන්ගේ හිතවත් යහළුවෙකු වෙත දන්වා ඇති අතර, එම යහළුවා විසින් මෙම සැකකාර ටියුෂන් ගුරුවරයාව සම්බන්ධ කර දී තිබේ. මෙම ළමයාට ටියුෂන් ලබා දීම සඳහා දෙමව්පියන් විසින් සූදානම් කර දී ඇත්තේ ළමයාගේ කාමරයයි. මුල් කාලයේදී මෙම කාමරයේ දොර, ජනෙල් සියල්ල විවෘතව තබා ඇති අතර, පසුකාලීනව ක්‍රමයෙන් කාමරයේ සියළු දොර ජනෙල් වසා දමා ටියුෂන් දීම සිදු කර තිබේ. මේ අතර, මෙම සැකකාර ගුරුවරයා ටිකෙන් ටික ළමයාට සමීප වී ඇති අතර, පසුව ලිංගික කටයුතු සදහා ළමයාව පොළඹවාගෙන තිබේ. ළමයා ඒ සඳහා අකමැත්ත ප්‍රකාශ කර සිටිය ද පසුව මෙම ගුරුවරයා විසින් අසභ්‍ය වීඩියෝ පට ළමයාට පෙන්වමින් නැවත නැවතත් ළමයා ලිංගික කටයුතු සදහා පොළඹවාගෙන, ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. 
    මේ අතර, දිනක් මව විසින් මෙම ගුරුවරයාට තේ රැගෙන එන අවස්ථාවකදී ද මෙම ගුරුවරයා ලිංගික ක්‍රියාවක යෙදෙමින් සිට ඇතත්, ඒ පිළිබඳව මවගේ අවධානය යොමු වී නොමැති බව ළමයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මෙම අපයෝජනය සිදුවන අවස්ථාවන්හිදී ළමයාගේ මව හා මිත්තණිය නිවසේ සිට ඇති බවත්, පියා සොයා දුන් ගුරුවරයෙකු නිසා මෙන්ම නැවත ටියුෂන් ගුරුවරයෙකු සොයා ගැනීමට අවස්ථාවක් නොලැබෙතැයි සිතූ නිසාත්, පසුව ගුරුවරයා විසින් ළමයා වෙත තර්ජනය කර සිටි නිසාත් මේ පිළිබඳව දෙමව්පියන්ට නොදැන්වූ බව ළමයා වැඩිදුරටත් කටඋත්තර ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍යය සභාපති විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එන්. කදිරගාමර් මහතා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ. 
    වැඩිහිටියන්ගේ අවධානයෙන් තොර කලාපයක් වන, ළමයාගේ කාමරය තුළදීම ටියුෂන් ලබා දීමට අවස්ථාව දෙමව්පියන් විසින්ම සලසා දීමත්, කාමරයේ සියළු දොර ජනෙල් වසා දමා ටියුෂන් ලබා දීම ගැන සැලකිළිමත් නොවීමත්, ළමයාට මෙම අපයෝජනයන් සිදුවන සෑම අවස්ථාවකදීම ඔහුගේ මව හා මිත්තණිය නිවසේ සිටීමත් පිළිබඳව සලකා බැලීමේදී, දෙමව්පියන් විසින් මීට වඩා මේ පිළිබඳව සැලකිළිමත් වූයේ නම්, මෙම අපයෝජනයෙන් ළමයා මුදවා ගැනීමට බොහෝසෙයින් ඉඩකඩ තිබී ඇති බව පෙනී යන බැවින්, මෙවැනි දේ පිළිබඳව දෙමව්පියන් විසින් මීට වඩා සැලකිළිමත් වන මෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි. 
    
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.08.19 
    
  • ජූනි 12 වෙනිදාට යෙදෙන ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරීය සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ ප්‍රකාශය

    
    
    
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු සඳහා බාධා කළහොත් දැඩි නීතිමය ක්‍රියා මාර්ග

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ළමයින් ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවති. ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්‍රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන අතර, එම තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කරන බව දැනුම් දෙමි.
    ළමා ආරක්ෂාව තහවුරු කිරීම හා ළමයින්ගේ උපරිම යහපත සැලසිම සඳහා සියලු පුද්ගලයන් හා පාර්ශවයන් වගකීමෙන් යුතුව, එක්ව කටයුතු සිදු කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අපේක්ෂා කරයි.
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.06.10 
    
  • සයිබර් අපරාධ විමර්ශන ඒකකය ශක්තිමත් කිරීමට ” සේව් ද චිල්රන්ඩ් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා”වෙතින් උපකරණ පරිත්යාගයක්

    ශ්‍රී  ලංකාවේ දරුවන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ළමා අපයෝජන සම්බන්ධ සයිබර් අපරාධ වලින් ශ්‍රී ලංකාවේ ළමයින් බේරා ගැනීමේ බලාපොරොත්තුව පෙරදැරිව  "සේව් ද චිල්රන්ඩ් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා " වෙතින්  ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය ශක්තිමත් කිරීම සඳහා එම  ඒකකයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කලේය.
     2020 මැයි 27 වන දින වෙතින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා විසින් එම පරිත්‍යාගයන් ස්තුති පුර්වකව පිළිගත් අතර දැයේ දරුවන් සයිබර් අවකාශය තුලදී අපයෝජනයන්ගෙන් ආරක්ෂා කිරීමේ මාහගු කර්තව්‍ය සඳහා එම උපකරණ භාවිතා කරනු ඇත.
    
    saveDonate
    
  • “කොවිඩ් -19 ළමා ඇසින් ” රූපවාහිනී වැඩසටහන

    රටේ පවතින කොවිඩ් -19 තත්වය සාකච්ඡා කිරීම සඳහා “කොවිඩ් -19 ළමා ඇසින් ” මැයෙන් රූපවාහිනී වැඩසටහන 2020 මැයි 30 වන දින සවස 6.00 සිට රූපවාහිණි-චැනල් හිදී බලා පොරොත්තු වන්න . මේ සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරීය සභාපති මහාචාර්ය මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සහභාගී වේ.

  • “කොරෝනා වෛරසය කාලයේ දරුවන් රැක බලා ගැනීම” යන මැයෙන් නොමිලේ පවත්වනු ලබන මණ්ඩප සාකච්චා මාලාව

     "කොරෝනා වෛරසය කාලයේ දරුවන් රැක බලා ගැනීම" යන මැයෙන් නොමිලේ පවත්වනු ලබන මණ්ඩප සාකච්චා මාලාවේ පළමු සාකච්චාව, 2020 මැයි මස 14 වන දින ප. ව. 8.00 සිට ප. ව. 9.30 දක්වා පැවෙත්වේ. 
    
     
    
    
  • අන්තර්ජාලය හරහා වන ළමා ප්‍රචණ්ඩත්වය වලකමු.

    Swarnawahini Live@8.00 News; 08.00PM on 02.05.2020 
    
     
    
    SirasaTV News; 07.00PM on 01.05.2020
    
     
  • කොරෝනා සතුරා පරදවමු !

    මෙම දැනුවත් කිරීමේ වීඩියෝපටය තිර රචනය කරනලද්දේ පියල් උදය සමරවීර මහතා විසිනි, සජිවිකරණය කරන ලද්දේ පසත් සමරවීර මහතා විසින් වන අතර හැඩකැවීම විශ්ව ගමුනු ප්‍රියකර මහතා, දිනති නිම්නවි ජයසේකර මිය සහ  විනුජා ශ්‍රී සංකල්ප  මිය විසින් සිදුකරන ලදී.
    
     
  • කොරෝනා ව්‍යසනය සහ නිවසට කොටු වූ දරුවන්

    කොරෝනා ව්‍යසනය සහ නිවසට කොටු වූ දරුවන් (@ අද දෙරණ , 2020 මාර්තු 31 දින)
    
     
  • පොලිස් ඇඳිරි නීතිය සහ ළමා ආරක්ෂාව

    පොලිස් ඇඳිරි නීතියෙන් පසු ළමා හිංසනය ගැන පැමිණිවල විශාල අඩුවක් (@ නිව්ස්ෆර්ස්ට් ශ්‍රී ලංකා, 2020 මාර්තු 25 දින) 
    
     
  • ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමයින් කොරෝනා වෛරසයෙන් බේරා ගන්න.

    මේ දිනවල ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID - 19 හෙවත් කොරෝනා වෛරසයෙන් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන සියලුම උපදෙස් සැළකිල්ලට ගනිමින්, ළමයින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවරයන් ගන්නා ලෙසත්, ඒ සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරන ලෙසත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ඉල්ලා සිටියි.
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.03.13 
    
  • සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වන, වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය ගැන තොරතුරු දන්නේ නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වන්න

    මේ දිනවල සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වන හා දැඩි කතාබහට ලක්වී ඇති, වයස අවුරුදු 6ක් පමණ වන කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය හා සම්බන්ධ තොරතුරු දන්නා යම් අයෙක් හෝ එම දැරිය හඳුනා ගත් යම් අයෙක් සිටී නම්, ඒ පිළිබඳව තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ හෝ 1929 ළමා උපකාරක දුරකථන අංකයට හැකි ඉක්මණින් දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.02.28 
    
  • අන්තර්ජාලය හරහා දැරියන් බියවද්දා, ලිංගිකව අපයෝජනය සිදු කළ 7ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට

    අන්තර්ජාල සමාජජාල මාධ්‍ය හරහා ළමයින්ගේ පින්තූර රැගෙන, එම පිංතූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කර, ඒවා අන්තර්ජාලයට මුදා හරින බව ප්‍රකාශ කරමින් ළමයින් බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන කණ්ඩායමක් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
    එකී විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් අන්තර්ජාලය ඔස්සේ බිය වද්දා, දැරිය වරින්වර අවස්ථා ගණනාවකදී, විවිධ ස්ථානවලට ගෙන ගොස්, ස්ත්‍රී දූෂණයට හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 7දෙනෙකුමේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, සැකකරුවන් 2020.02.17 දින හඳුනා ගැනීමේ පෙරටිටුවකටද ඉදිරිපත් කොට තිබේ. මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් රැසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තව දුරටත් ක්‍රියාත්මකය.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා අවුරුදු 20ට අඩු තරුණයින් වන අතර, පාසල් සිසුන්ද ඒ අතර සිටීම දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවධානයට යොමු වියයුතු විශේෂ කරුණකි.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යනමහත්ම මහත්මීන්ගේමග පෙන්වීම හා අධීක්ෂණය යටතේ,ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති N. කදිරගාමර් මහතා විසින් විමර්ශනය පවත්වා, චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.මෙම විමර්ශනය සඳහා උ.පො.ප.බණ්ඩාර, කා.පො.සැ. චිත්‍රා (588), පො.සැ. සිතුම් (60348), පො.කො. ජනිත් (61779), පො.කො. උදිත (61837), පො.කො. පාලිත (75229) යන නිලධාරීන් දායකත්වය සපයා ඇත.
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.02.20 
    
  • ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක්

    ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් 2020.01.07 වන දින කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ගරු ලේකම් ඒ. එස්. එම්. එස්. මහානාම මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්  අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී  පැවැත්විය.
    එහිදී ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020 – 2025 පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු විය. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ 14ක අමාත්‍යාංශ ලේකම්වරුන් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය. 
    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම”  ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි අන්තර්ගත “නැණ බල සහිත ළමා පරපුරක්” යටතේ රටේ සියළු දරුවන්ට  ජාත්‍යාන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් හිමි වියයුතු වරප්‍රසාද හා අයිතිවාසිකම්වලට ඇති හිමිකම සහතික කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මෙම ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර තිබේ.
    ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා අවශ්‍ය වන අමාත්‍යාංශ සම්බන්ධීකරණ කටයුතු හා අධීක්ෂණ කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලබයි.
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.01.08 
    
  • ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය රාජ්‍ය, රාජ්‍ය නොවන (දේශිය හා විදේශීය), සිවිල්, ප්‍රජා ස්වේච්ඡා පාර්ශවකරුවන් මෙන්ම ළමයින්ගේ ද අදහස් ඇතුළත් කර මහජන අදහස් විමසීමෙන් අනතුරුව සම්පාදනය කරන ලදි.
    මේ වනවිට කැබිනට් අනුමැතිය ලබා ඇති මෙම ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සියළු පාර්ශවයන්ගේ දැන ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවියට ඇතුළත් කොට තිබේ. එය දීර්ඝ කාලීන ව්‍යායාමයක ප්‍රතිඵලයකි. මේ සඳහා 2019.10.29 දින කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, එය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. (www.childprotection.gov.lk)
    මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණ කටයුතු කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.
    
    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2020.01.06 
    
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙකු සහ නියෝජ්‍ය සභාපතිවරියක පත්කෙරේ….!

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර තිබේ. මුදිත විදානපතිරණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 9 වන සභාපති වරයා ය.
    එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය වරයෙකි. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට සිටින ප්‍රවීණයෙකු වන මුදිත විදානපතිරණ මහතා මෙරට නමගිය ආන්දෝලනාත්මක මිනී මැරුම් පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදු කළ විද්වතෙකු වන අතර, ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
     අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව නියෝජ්‍ය සභාපතිවරිය ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම මැතිණිය පත් කොට තිබේ. සුජාතා අලහප්පෙරුම මැතිණිය මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි. 
    නව සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සහ නව නියෝජ්‍ය සභාපති නීතිඥ සුජාතා අලහප්පෙරුම මැතිණිය අද දින (2019.12.31) උදෑසන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේදී සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.
    NCPA Chairman and Deputy 2020.1
    අනෝමා සිරිවර්ධන
    අධ්‍යක්ෂ ජනරාල්
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය - 2019.12.31 
    
  • දේශපාලන කටයුතු වලට ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී

    Election 2019 child save

  • ගැහැණු දරුවාගේ ජාත්‍යාන්තර දිනය 2019

    
    Girl Child day 2019 - 1
    
    Girl Child day 2019 - 2
    
    
  • 2019.10.01 ලෝක ළමා දිනය 2019

    2019.10.01 ලෝක ළමා දිනය 2019 01 2019.10.01 ලෝක ළමා දිනය 2019 02 2019.10.01 ලෝක ළමා දිනය 2019 03

  • මහජන අදහස් සඳහා යොමු කිරීම

    කෙටුම්පත් කළ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තිය

    යුනිසෙෆ් ආයතනයෙහි තාක්ෂණික සහාය ඇතිව, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශය මගින් කෙටුම්පත් කළ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තියේ සම්පුර්ණ ලියවිල්ල

    1. http://www.childprotection.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශන පිටුවට පිවිසීමෙන් ( Englishසිංහල ,   தமிழ் ) හෝ
    2. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනයට ඉල්ලීම් ලිපියක් යොමුකර ලබාගත හැක.

    දිවා සුරැකුම් මධ්‍යස්ථානයන්හි රැකවරණය යටතට පත්‍ කෙරෙන සියලු ළමුන්ගේ හිමිකම් හා යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක බවින් යුතු, දැරිය හැකි මිලක් සහිත සහ සැමට ලබා ගත හැකි දිවා සුරැකුම් සේවාවන්ගේ පැවැත්ම තහවුරු කිරීම සහ දිවා සුරැකුම් සේවාවන් ලබාගත හැකි වීම හේතුවෙන් රැකියාවෙහි නිරත වීම හෝ නැවත රැකියාවට යාම සඳහා දෙමව්පියන් (විශේෂයෙන් මව්වරුන්) දිරිමත් කිරීම ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ ජාතික ප්‍රතිපත්තියෙහි දැක්මයි.

    දිවා සුරැකුම් මධ්‍යස්ථාන ශක්තිමත් ප්‍රතිමානක රාමුවක් තුළ ස්ථාපිත කිරීමේ හැකියාව ඇති කිරීම හා ප්‍රවර්ධනය කිරීමත්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැකවරණය යටතට පත් කෙරෙන ළමුන් සියලු දෙනා සඳහා රැකබලා ගැනීමේ ප්‍රමිති ඇති කිරීමත්, රැකබලා ගන්නන් පුහුණු කිරීම ඇතුළුව දිවා සුරැකුම් මධ්‍යස්ථාන සියල්ලේ ක්‍රියාකාරීත්වය සඳහා මග පෙන්වීම, නියාමනය හා අධීක්ෂණය ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ ජාතික ප්‍රතිපත්තයෙහි මෙහෙවරයි.

    කෙටුම්පත් කළ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තියට

    ඔබගේ අදහස් 2019.08.18 දිනට ප්‍රථම පහත ආකාරයෙන් යොමු කළ හැකිය.

    1. psychosocial@childprotection.gov.lk යන විද්‍යුත් ලිපිනයට ලිවීමෙන් (මාතෘකාව "ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තිය" යනුවෙන් සඳහන් කරන්න) හෝ
    2. , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනයට ලිවීමෙන් (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ "ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තිය" යනුවෙන් සඳහන් කරන්න)

    .

    250px-Coat_of_arms_of_Sri_Lanka.svg copy
    කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය

     

  • ජන පවුර දෙවන වැඩසටහන අනුරාධපුරයේදි

    Janapawura - Anu 28.6.2019
  • සමස්ත ලංකා පෝස්ටර් තරඟයේ ජයග්‍රහකයින්

    ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ළමා අයිතිවාසිකම් පිළිබඳ පණිවිඩය සමාජගත කිරීමේ අරමුනින්, 2018 වර්ෂයෙදී ලෝක ළමා දිනය නිමිත්තෙන්, සමගාමී වැඩසටහනක් ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය සමස්ත ලංකා පෝස්ටර් තරඟයක් පවත්වන ලදී. ළමුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පොදු මහජනතාව හා පාසැල් දරුවන් දැනුවත් කිරීම සඳහා තරඟය සංවිධානය කරන ලද අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වාධීන විනිසුරු මඩුල්ලක් විසින් තරඟකරුවන් ඇගයීමට ලක් කරන ලදී. එම ජයග්‍රහකයන් සහ ඔවුන්ගේ තරඟකාරී පෝස්ටර් චිත්‍රකලා ඔබගේ  දැකගැනීම සඳහා සතුටින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
    .
    පාසල් අංශය
    සමස්ත ලංකා – ප්‍රථම ස්ථානය
    අම්පාරේ -  එච්.මොහොමඩ් රිසාද් (සහිරා විද්‍යාලය)
    පාසල් අංශය
    සමස්ත ලංකා – දෙවන ස්ථානය
    ගම්පහ – සනුක සන්දීර බස්නායක (ආනන්ද විද්‍යාලය)
    පාසල් අංශය
    සමස්ත ලංකා – තෙවන ස්ථානය
    කොළඹ -  ඩබ්. ඒ. කවීෂා කවිමිණි (දේවි බාලිකා විද්‍යාලය)
    SchoolSec- 1st - Mohamed Rizad. SchoolSec-- 2nd - Sanuka Sandeera Basnayake. SchoolSec- 3rd - W.A. Kaveesha Kavimini.
    .
    විවෘත අංශය
    සමස්ත ලංකා – ප්‍රථම ස්ථානය
    රත්නපුර – ඩබ්. එල්. සුජීව ජයසේන මහතා
    OpenSec- 1st - W.L.Sujeewa Jayasena
    විවෘත අංශය
    සමස්ත ලංකා – දෙවන ස්ථානය
    ගම්පහ – ඩී. ඒ. අයි. වීරසේකර
    OpenSec- 2nd - D.A.I Weerasekara
    විවෘත අංශය
    සමස්ත ලංකා – තෙවන ස්ථානය
    මහනුවර – එල්. ඒ. එස්. කරුණාරත්න
    OpenSec- 3rd - L.A. Susantha Rangana

     

  • ජූනි 12 වෙනිදාට යෙදෙන ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නිකුත් කරනු ලබන විශේෂ ප‍්‍රවෘත්ති නිවේදනය

    ළමා අපයෝජන හා විවිධ සමාජ, ආර්ථික ගැටලු හේතුවෙන් වින්දිත, ආන්තික හා අනාරක්ෂිතභාවයට පත්වන ළමුන් සඳහා අධ්‍යාපනික ආධාර ලබා දීම
    
    ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය 2019.06.12 දිනට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ  ළමා ශ්‍රමය නිමා කරමු, නැවුම් සිහින සැබෑ කරමු යන්නයි. සෑම ජන සමාජයකම ජීවනාලිය බවට පත්වන්නේ ළමා පරපුරයි. ඔවුනගේ අනාගතය ගොඩනැංවීමේ මූලික අඩිතාලම වන්නේ අනිවාර්ය අධ්‍යාපනයයි. සෑම දරුවකුටම අනිවාර්ය පාසල් අධ්‍යාපනය ලැබීම අයිතියක් වන අතර ළමා ශ්‍රමිකත්වයෙන් තොරව ඔවුනගේ නැවුම් සිහින සැබෑ කිරීමට සමාජයේ සෑම දෙනාටම අත්හළ නොහැකි වගකීමක් ඇත.
    මෙවර ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ළමා අපයෝජන හා විවිධ සමාජ, ආර්ථික, ගැටලු හේතුවෙන් වින්දිත, ආන්තික හා අනාරක්ෂිතභාවයට පත්වූ ළමයින්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම, ළමයින් ද්විතික වින්දිතභාවයට පත්වීම අවම කිරීම හා ළමයා පාසල් හැර යාමේ ප්‍රවණතාවන් අවම කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් දියත් කෙරේ.
    මෙම වැඩසටහනේ සමාරම්භක වැඩසටහන 2019.06.05 වන දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පවත්වනු ලැබුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ගරු සභාපති නීතීඥ එච්.එම් අබයරත්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදි මුලතිව් දිස්ත්‍රික්කයේ ළමයින් 70 සඳහා පාසල් බෑග්,පොත් ඇතුළු අධ්‍යාපනික උපකරණ බෙදාදීම සිදු කරනු ලැබූ අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, එහි සේවාවන්, ළමා අපයෝජන හා ඉන් ආරක්ෂා වීම, 1929 ළමා උපකාරක දුරකතන සේවය මෙන්ම ළමයින්ට අවශ්‍ය මනෝ සාමාජීය උපදේශනය ලබා දීම හා ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද අත්පත්‍රිකා බෙදා දීමද සිදු කරන ලදි.
    1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකතන සේවය වෙත වාර්ෂිකව පැමිණිලි 9000 අධික ප්‍රමාණයක් ලැබෙන අතර, ඉන් 1500 ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධ වේ. ඒ අනුව එවැනි සිද්ධීන් අවම කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහනට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පැවැත්වීමටද අපේක්ෂිතය.
    ළමා ශ්‍රමයට එරෙහි වී, ළමා ශ්‍රමය නිමා කිරීම සඳහා එවැනි සිදුවීම් පිළිබඳව දවසේ පැය 24 ක්‍රියාත්මක, ඇමතුම් ගාස්තු රහිත 1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකතන සේවය අමතා දැනුම් දී ඔබේ වටිනා සහයෝගය දරුවන්ගේ හෙට දිනය වෙනුවෙන් අප වෙත ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි.
    
    නීතිඥ එච්.එම්. අබයරත්න
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    ප‍්‍රවෘත්ති නිවේදනය – 2019.06.11
    IMG20190605100707 IMG20190605101117 smartcapture
  • බාලවයස්කාර සාමනේර හිමිවරුන් හතර නමක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධවයි

    තිනියාල පොලිස් වසමේ පිහිටි ආරණ්‍ය සේනාසනයක වැඩ වාසය කරමින් සිටි, වයස අවුරුදු 10,13,14 හා 16 බාලවයස්කාර සාමනේර හිමිවරුන් හතර නමක් ලිංගික අතවරයන්ට හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරිම සම්බන්ධව ගිහි සැකකරුවන් 04 දෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන 2019.03.07 වන අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
    නොයෙකුත් විෂමාචාර ක්‍රියාවල යෙදෙන අදාළ සැකකරුවන් විසින් මත්ද්‍රව්‍ය හා මත්පැන් සාමනේර හිමිවරුන් වෙත අවස්ථා කිහිපයකදී  ලබාදීම සහ මෙම සාමනේර හිමිවරුන්ට ජංගම දුරකථන ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඇති බව ද අනාවරණය වී ඇත.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන ඒකකයට පැමිණ කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන නිලධාරී චම්පික කේ. අයගම මහතාගේ මූලික විමර්ශනයෙන් පසුව අදාළ විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ එච්.එම් අබයරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ළමා හේවගේ මෙරිල් රංජන් මහතාගේ අධීක්ෂණය මත, ස්ථානාධිපති පො.ප. කදිරගාමර් මහතාගේ මෙහෙය වීමෙන්, උ.පො.ප. සෝමසිරි මහතා, උ.පො.ප. රෝහණ මහතා, පො.සැ.13275 ලක්ෂ්මන් මහතා,පො.කො. 61779 ජනිත මහතා සහ පො.කො. 88391 ඉසුරු මහතා යන නිලධාරීන් විසින් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
    දැයේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහාඔබ සිදුකරන්නා වූ මාධ්‍ය මෙහෙවර අතිශයින්ම අගය කරමි.

    අනෝමා සිරිවර්ධන
    අධ්‍යක්ෂ ජනරාල් – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    සම්බන්ධීකරණය – තොරතුරු හා මාධ්‍ය අංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    (දුරකථන – 0112778911-14 (142))
    ප‍්‍රවෘත්ති නිවේදනය – 2019.03.07

  • ළමා ආරක්ෂණ අධිකාරීය වවුනියා දිස්ත්‍රික් නිලධාරීන්ට අලුත් කාර්යාලයක්

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වවුනියාව දිස්ත්‍රික් කාර්යාලය සඳහා ඉදි වූ නව ගොඩනැගිල්ල වවුනියාව දිසාපති මොහොමඩ් හනීෆා මහතා සහ ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති සුජාතා කුලතුංග මහත්මිය අතින් 2019.02.13  දින වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරීශ්‍රයේ දී විවෘත විණි. එම කාර්යාලය මෙතක් කල් පවත්වා ගෙන යන ලද්දේ ඉතා සීමා සහිත ඉඩකඩක වන අතර, නව ගොඩනැගිල්ල ලැබීමත් සමග මනෝ සාමාජීය, නීතී උපදේශන, ප්‍රජා දැනුවත් කිරීම, ළමා ආරක්ෂක නිළධාරින් සම්බන්ධීකරණය කිරීම ආදී කටයුතු තවදුරත් පුළුල්ව සිදු කිරීමට හැකියාව ලැබේ.
    
    NCPA Vauniya opening 1dav dav
  • “ළමයින් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතුයි”

    (2019 ජනවාරි 04 වැනි දිනට යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා විසින් නිකුත් කරනු ලබන පණිවුඩය)

    ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ. සෑම වර්ෂයකම ජනවාරි 04 වන දිනට යෙදෙන මෙය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ ළමා හිංසනයට එරෙහිව ක‍්‍රියාත්මක වීම මෙන්ම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩ නැඟීම පරමාර්ථ කරගනිමිනි.

    දරුවන්ගේ ජීවිත වඩාත් යහමඟට යොමු කළ හැකි ප‍්‍රධාන පුද්ගලයන් වන්නේ දෙමව්පියන්ය. එමෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේද වගකීම වන්නේ ලෝකය භාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමය. ලොව සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ළමයින් වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීමය. එමෙන්ම අද වන විට වර්ධනය වන ප‍්‍රවණතාවක් ලෙස අධ්‍යාපනය ලබන පාසල තුළදී ළමයින් හිංසනයට ලක් වන බව අසන්නට දකින්නට ලැබේ. මෙවැනි ළමා හිංසනයන් තුළින් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත්,  සෞඛ්‍ය හා මානසික තත්වය පිරිහීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය බිඳ වැටීමත් සිදුවේ. මොවුන් පසු කළ සමාජයට වෛර කරන කෲරත්වයෙන් අනෙකා පෙළන සමාජයට අවැඩදායී පුද්ගලයන් බවට පත් විය හැකිය. එබැවින් වැඩිහිටියන් ලෙස අප සමාජයේ දරුවන්ව ආදරයෙන් රැකබලා ගැනීම හා ඔවුන්ට ආදර්ශවත් වන ලෙස ජීවත් වීමට වග වියයුතු වේ.

    දරුවකු සිදු කරන වැරැද්දකට ශාරීරිකව දඬුවම් කිරීමට වඩා එම දරුවාට එය වැරැද්දක් බව ආදරයෙන් අවබෝධ කරදීම තුළින් ලැබෙන ප‍්‍රතිඵල වැඩදායක වේ. එය ධනාත්මක ශික්ෂණ ක‍්‍රමය වන අතර, අප සිදු කළ යුත්තේ දරුවා නිවැරදි කිරීම, අවබෝධ කරදීම, දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ට නිවැරදි මඟ පෙන්වා දීමයි. විශේෂයෙන් ළමයින්ගේ අදහස් වලට ගරු කරමින් තීරණ ගැනීමේදී ඒවා ක‍්‍රියාත්මක කිරීමටද වැඩිහිටියන් වශයෙන් අප වග බලාගත යුතුය. එමෙන්ම, “මගේ දරුවා” යන සිතිවිල්ලෙන් මිදී “දරුවන් අපේ” යන සිතුවිල්ලට අප එළඹියයුතු කාලය පැමිණ ඇති බව දැනේ.

    දැයේ දරුවන් ළමා හිංසනය ඇතුලු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතු බව මම විශ්වාස කරමි. ඒ අනුව මෙරට වැඩිහිටි පුරවැසියන් වන අපි සෑමවිටම ළමයා ළමයෙකු බව වටහා ගනිමින් ඔවුන්ට දයාව කරුණාව හා සැලකිල්ල ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දෙමින් ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබි, අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමාජයක් බිහි කිරීමටත් එක්සත්ව එක්සිත්ව එක්වන මෙන් ගෞරවයෙන් ඔබට ආරාධනා කරන්නෙමි. දරුවන්ට ප‍්‍රශස්තම පරිසරය නිර්මාණය කිරීම සඳහා ක‍්‍රියාත්මක වන “ජන පවුර” ජනතා වැඩසටහන සමග එක්වීමටද ආරාධනා කරමි. සුභ නව වසරක් වේවා!

    නීතිඥ එච්.එම්. අබයරත්න
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
    ප‍්‍රවෘත්ති නිවේදනය – 2019.01.03

  • New Year Wishers 2019

    Children are the most powerful and the most decisive factor that determines the future of a country. Ensuring safety of the children of our nation must run parallel to the journey towards the apex of development which Sri Lanka is making at present. Therefore, the National Child Protection Authority, the most prominent state entity that takes action to protect children from all forms of abuse, has continued its practice of protecting the children of the nation in a regular and efficient manner.
    We wish all the best, and a Happy New Year 2019 and would like to take this opportunity to invite all of you to join hands with the National Child Protection Authority to assure safety of children and eliminate all forms of abuse. Also we warmly welcome Mrs.Dharshana Senanayake, Secretary of Ministry of Women and Child Affairs and Development of Dry Zones to National Child Protection Authority on 1st working day of the year.

    2019.1.1 - 1 web
    2019.1.1 - 2 web
    2019.1.1 - 3 web

  • ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව නිලධරීන් 116 ක් බඳවා ගැනේ

    පත්වීම් ප්‍රදානොත්සවය edited

  • ගැහැණු දරුවාගේ ජාත්ය න්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන 2018

    ගැහැණු දරුවාගේ දිනය edited

  • 2018 ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමන් විසින් නිකුත් කරනු ලබන නිවේදනය.

    “දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න!” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. දරුවන්ගේ ළමා කාලය පිළිබඳව හොඳින්ම තේරුම් ගැනීමට නම් වැඩිහිටියන් වන අප අපේ ළමා කාලය පිළිබඳව නැවත හැරී බැලීම වඩා උචිත යැයි හැඟේ. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වන අබ්දුල් කලාම් වරෙක සඳහන් කර සිටියේ “අපි අපේ අද දවස කැපකිරීමෙන් දරුවන්ට වඩාත් හොඳ හෙට දවසක් ලැබෙනු ඇත” යන්නයි.

    තරඟකාරි අධ්‍යාපන රටාව වර්තමානය වන විට දරුවන්ගේ ළමා කාලයේ සුන්දරත්වය ක්‍රමයෙන් උදුරාගෙන ගොස් ඇති  බව පැහැදිළිය. එමෙන්ම නවීන තාක්ෂණික දියුණුවේ අක් මුල්ද දරුවන්ගේ චර්යාවන් හා හැකියාවන් ආක්‍රමණය කොට ඇත. එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුරද ක්‍රමයෙන් විවිධාකාර ලෙස දරුවන්ව ග්‍රහණට ගැනීමට මාන බලමින් සිටින බවද වර්තමානයේ දක්නට ලැබෙන්නකි. මේ නිසා යහපත් සමාජ භාවිතාවක් තුළින් පෙරමුණට යාමට සෑම දරුවකුටම දෙමාපියන්,ගුරුවරුන්,වැඩිහිටියන් ඇතුලු සමස්ත සමාජයේම සවිය අත්‍යවශ්‍ය වේ.

    එමෙන්ම දරුවන්ට එරෙහිව සිදුවන කායික,මානසික,ලිංගික හා නොසලකා හැරීම යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් නිදහස් බව තහවුරු කිරීමේ වගකීම මෙන්ම ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් වග වීම අප සැමගේම වගකීමක් ලෙස දැකීම වඩා කාලෝචිත යැයි හැඟේ. දරුවන්ට සිදු වන ඕනෑම හිංසනයකදි 1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකතන සේවය ඇමතීම දරුවන් වෙනුවෙන් ඔබ ඔබේ වගකීම ඉටු කිරීමකි.

    හෙට දින රටේ අනාගතය භාර ගැනීමට සිටින ළමා පරපුරට ශක්තියක් වීමට අප සැම එකාවන්ව එක් විය යුතු බව මෙවර ලෝක ළමා දිනයේ මාගේ ඒකායන ප්‍රාර්ථනයයි!

  • “දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න” යන්න තේමාව මුල්කරගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 2018 ඔක්තොම්බර් 01 වන දින ලෝක ළමා දිනය සැමරීම සිදුකරයි.

    මෙදින ළමා ආරක්ෂාව වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් ගණනාවක් සිදුකිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වත්මන් සභාපති නීතීඥ එච්. එම්. අබයරත්න මහතා මග පෙන්වීම සිදුකරන ලදි.

    මෙදින දින උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකින් තෝරාගත් පාසල් දරුවන් සඳහා පාසල් බෑග් හා අධ්‍යපනික උපකරණ කට්ටල ලබාදීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම වැඩසටහනට සහභාගීවන පාසල් ළමුන් හා ඔවුන්ගේ භාරකරුවන් සඳහා මනෝ සමාජිය උපදේශන වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතය.

    දරුවන් අමානුෂික ලෙස හිංසනයට ලක් වන අවස්ථා අසන්නට දකින්නට ලැඛෙන වකවානුවක දරුවන් කෙරෙහි සංවේදී හදවත් ඇති මිනිසුන්ගේ බිහිවීම අත්‍යවශ්‍ය සාධකයකි. මේ සඳහා "සෑම දරුවකුම අපේය"යයි සිතන සමාජමය පරිවර්තනයක් වෙත ඔබත් අපත් එක්වෙමු.

    DSC_0015 DSC_0062


  • ජන පවුර ප්‍රථම වැඩසටහන කුරුණෑගලදි

    2018.08 janapawra s

  • 2018 ජූනි 12 වෙනිදාට යෙදෙන ළමා ශමිකත්වයට එරෙහි ජාතන්තර දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නිකුත් කරනු ලබන විශේෂ පවෘත්ති නිවේදනය

    news 2018.6.12

  • ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් සදහා පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහන

    2018.5.23 news

    2018.5.23 news

  • නීතීඥ එච්.එම්. අබයරත්න මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිධූරයට…!

    2018.4.9 news

  • ගැහැණු ළමයින් 18 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියට අදාළ වින්දිත ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්නැයි, ගරු අධිකරණය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වයි.

    2018.3.28 news

  • ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සෞක්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම සඳහා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ වැඩසටහනක්.

    2018.3.23 news2018.3.23 news image