ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

උපකාර හා උපදේශන

HELP AND ADVICE

ළමයකු ගැන කනස්සල්ලෙන් ද?

ඔබ ළමයකු ගැන කනස්සල්ලෙන් නම් ඒ පිළිබඳව ස්ථිර වන තුරු ඉන්න එපා.

ඔබට යම් ගැටලුවක් ඇත්නම්, අපගේ නොමිළයේ සැපයෙන පුහුණු කරන ලද ‘1929’ උපකාරක සේවයේ උපදේශකයන් අමතා දවසේ පැය විසිහතරේ ම, වසරේ 365 දින ම සැපයෙන උපකාරය, අවවාදය හා ආධාරය ලබා ගන්න.

දරුවනි…,

පරෙස්සම් වීමට අමතරව…. !!!!

ආදරණීය පුතුනි, දියණියනි, ඔබ සිහිනයෙන් දුටු ප්‍රසන්න ලෝකය මෙන් නොව අවදානයෙන් සිටිය යුතු බොහෝ කරුණු ඔබ ජීවත් වන මේ සමාජයේ ඇත. සැඟවුණු දුෂ්ඨ පුද්ගලයන් බොහෝ දෙනකු ඔබ අවට සිටිය හැකි ය. ඔබගේ ආරක්ෂාව සලසා ගැනීමට, විශේෂයෙන් ළමා හිංසනය පිළිබඳව, ඔබ දැන ගෙන සිටිය යුතු ය. ‘හිංසනය’ යන්නෙන් මූලික වශයෙන් ම ළමයින් අවභාවිත කිරීම අදහස් වේ. අවභාවිතයේ ආකාර හතරක් වේ

  • 1. ලිංගික හිංසනය
  • 2. භෞතික හිංසනය
  • 3. හැඟීම්මය හිංසනය
  • 4. නොසලකා හැරීම

ආදරණීය පුතුනි, දියණියනි, මෙම හිංසනයන්ගෙන් ආරක්ෂා වී සිටීමට ඉගෙන ගැනීම ඔබගේ ජීවිතවල ඉතා වැදගත් අවශ්‍යතාවකි. යම් අයකු අවශ්‍යතාවකින් තොරව ඔබ ස්පර්ශ කරන්නේ නම් හෝ අයුතු ලෙස සලකන්නේ නම් හෝ කරුණාකර එය සිදු වීමට ඉඩ දෙන්න එපා.

එම මොහොතේ ම,

කරුණාකර ‘එපා’ කියන්න.

එම ස්ථානයෙන් ක්ෂණිකව ඉවත් වන්න.

විශ්වාස කළ හැකි අයකුට එය පවසන්න.

කවුරුන් හෝ ඔබට සවන් දෙන තුරු නොකඩවා ම එය පවසන්න.

මෙම හිංසනයන්ගෙන් තමන් ආරක්ෂා කර විය යුතු ආකාරය දැන් ඔබ දන්නවා ද?

ආදරණීය පුතුනි, දියණියනි, “ජාතික ළමා ආරක්ෂක අධිකාරිය” ඔබගේ ආරක්ෂාව පිළිබඳව ඔබට විශ්වාසය තැබිය හැකි ස්ථානයකි. මෙම අධිකාරිය සියලු ම ආකාරයේ හිංසනයන්ගෙන් ඔබ ආරක්ෂා කිරීමට පියවර ගනී. තව ද ඔබ සතු සියලු ම අයිතිවාසිකම්වලට වටිනාකමක් දීමට එය පියවර ගනී. ඔබ ‘1929 ශ්‍රී ලංකා ළමා උපකාරක සේවාව’ පිළිබඳව දැනුවත් විය යුතු ය. ඔබ හෝ ඔබගේ මිතුරන් අවදානමකට ලක් වූ විට ‘1929’ට ක්ෂණික ඇමතුමක් දෙන්න. එය වියදම් රහිත වන අතර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන සියලු ම භාෂාවලින් ‘24 පැයේ ම’ ක්‍රියාත්මක වන සේවාවකි. ‘1929’ ඔබගේ හොඳ ම මිතුරා කර ගෙන ඔබ කනස්සල්ලට පත් වූ ඕනෑ ම වේලාවක ‘1929’ අමතන්න.

නියම ආකාරයෙන් අන්තර්ජාලය භාවිත කිරීමට දැන ගෙන සිටීම ද ඉතා වැදගත් කරුණකි. අන්තර්ජාලයේ ඔබට සුදුසු හා නුසුදුසු යන දෙආකාරයේ ම දැනුම අඩංගු වේ. අන්තර්ජාලය භාවිත කිරීමට හොඳ ම ප්‍රවේශය වන්නේ ඔබගේ දෙමව්පියන්ගෙන් උපකාර ඉල්ලීම ය. ඔබ අප දේශයේ ගෞරවය බව ඔබ දැන සිටිය යුතු ය. ඔබගේ ආරක්ෂාව අප හැමවිට ම අගය කරන අතර එම කරුණ පිළිබඳව ඔබ දැන සිටිය යුතු ය. එබැවින් ඔබ අවභාවිත කිරීමට කිසිවකුට ඉඩ දෙන්න එපා.

ළමයින් යනු අපගේ සමාජයේ ඉතා ම අවදානමකට ලක්ව සිටින සාමාජිකයන් වන අතර තමන් ආරක්ෂා වන ආකාරය ඔවුහු නොදනිති. ඔවුන් කොටු විය හැකි අවදානම් සහිත අවස්ථාවල බැරෑරුම්කම පිළිබඳව ඔවුන් සමස්තයක් වශයෙන් හැමවිට ම නොදැන සිටිය හැකි ය.

ළමයින්ගේ ආරක්ෂාව සැලසීම හා ඔවුන්ට රැකවරණ කුසලතා පුහුණු කිරීම දෙමව්පියන්, භාරකරුවන් හා වගකීමක් ඇති වැඩිහිටියන් ලෙස අපගේ වගකීම ය. අවදානම් සහිත අවස්ථාවක දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව උගන්වනු ලැබූ ළමයින් අවදානම් සහිත අවස්ථාවලට මුහුණනොපෑමේ ප්‍රවණතාවක් ඇති බව විශේෂඥයන්ට පෙනී ගොස් ඇත. වයස අවුරුදු තුනක් පමණ තරම් වූ ලාබාල ළමයින්ට සැක සහිත අවස්ථාවක දී ස්වයං අනතුරු හැඟවීමක් කර ගැනීමට හා එවැනි අවස්ථාවකට මුහුණදීමට ඉගැන්විය හැකි බව ද සොයා ගෙන ඇත. තව ද, යමක් සිදු වූ විට තම දෙමව්පියන්ට පැවසිය යුතු බවට ඔවුහු ස්වභාවයෙන් ම දැනුවත්ව සිටිති. අවාසනාවකට, ලිංගික හිංසනයට ගොදුරු වූ ළමයින්, තමන් එවැනි අවස්ථාවකට පත් වෙතැයි කියා හෝ තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු ආකාරය පිළිබඳව හෝ කිසිවිටෙක දැනුවත් කර තිබී නොමැත.

සාමාන්‍ය හා සෞඛ්‍ය සම්පන්න දිවියක් වර්ධනය කර ගැනීමට ඔවුන්ට ඉඩ සලසමින් ම සිය ආරක්ෂාව සහ වැරැද්ද නිවැරැද්ද කුමක්දැයි සරල රීති මඟින් ළමයින් දැනුවත් කිරීමේ දී දෙමව්පියෝ වැදගත් භූමිකාවක් ඉටු කරති. ළමයින් තැති නොගත යුතු අතර තමන් ආරක්ෂාව සලසා ගැනීමට සූදානමින් සිටිය යුතු ය. ළමා ආරක්ෂණය යනු ළමයින් හිංසනයෙන් හා නොසලකා හැරීමෙන් ආරක්ෂා කර ගැනීම පමණක් නොවේ. ආත්ම විශ්වාසයෙන් යුතු, නිරෝගී හා ප්‍රීතිමත් වැඩිහිටියකු ලෙස වර්ධනය වීමට ළමයින්ට උදව් කිරීම ද ඊට ඇතුළත් වේ.

දෙමව්පියකු වශයෙන් ඔබගේ ළමයින් ආරක්ෂා කර ගැනීමේ දී ධනාත්මක, වැදගත් වෙනස්කමක් ඇති කර ගැනීමට පහත දැක්වෙන ප්‍රවේශයන් ඔබට උපකාරී වනු ඇත.

පෞද්ගලික දේ පෞද්ගලික වේ

යට ඇඳුම්වලින් ආවරණය වී ඇති ඔවුන්ගේ ශරීර අවයව පෞද්ගලික බව ඔබගේ ළමයාට උගන්වන්න. යට ඇඳුම්වලින් ආවරණය වී ඇති තමන්ගේ ශරීර අවයව ස්පර්ශ කරන ලෙස හෝ ඒ දෙස බලන ලෙස ඔබගේ ළමයාගෙන් ඉල්ලා සිටීමට ද කිසිවකුට නොහැකි ය.

ළමයාගේ පෞද්ගලික අවයව ස්පර්ශ කිරීමට කිසිවකු උත්සාහ ගන්නේ නම්, ‘එපා’ කීමටත්, තමාට විශ්වාස කළ හැකි වැඩිහිටියකුට සිදු වූ දෙය පිළිබඳව පැවසීමටත් ඔබගේ ළමයාට කියන්න.

සමහර අවස්ථාවල දී, උදාහරණයක් ලෙස නාවන අවස්ථාවල දී පවුලේ සාමාජිකයන්ට, ප්‍රතිකාර ලබා ගැනීමේ දී වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට, ළමයාගේ පෞද්ගලික අවයව ස්පර්ශ කිරීමට සිදු විය හැකි ය. මෙහි වරදක් නොමැති අතර, සෑමවිට ම එසේ ස්පර්ශ කිරීමට පළමුව එය කිරීමට හේතුව සහ ළමයාගේ කැමැත්ත විමසිය යුතු බව ළමයාට පැහැදිලි කර දෙන්න.

cr3

ම ශරීරය අයිති තමන්ට බව සෑමවිට ම මතක තබා ගන්න.

තම ශරීරය අයත් වන්නේ තමන්ට මිස වෙන අයකුට නොවන බව ඔබේ ළමයින්ට දැන ගැනීමට සලස්වන්න.

හොඳ ස්පර්ශය හා නරක ස්පර්ශය අතර ඇති වෙනස පිළිබඳව කතා කිරීම ප්‍රයෝජනවත් විය හැකි ය.

හොඳ ස්පර්ශය – උදා: දෙමව්පියන්ගේ උණුසුම් වැළඳ ගැනීමක් විය හැකි ය.

නරක ස්පර්ශය – උදා: ඔබ අපහසුතාවට පත් කෙරෙන ආකාරයෙනි.

තමන්ට අපහසුතාවක් දැනෙන පරිදි තම සිරුරෙන් කිසිවක් කිරීමට සැලැස්වීමට කිසිවකුට අයිතියක් නැත. එසේ ම යම් කෙනකු එසේ කිරීමට උත්සාහ කරන්නේ නම්, ඊට විරුද්ධ වීමට තමන්ට අයිතියක් ඇති බව ඔබේ ළමයාට පවසන්න.

බගේ ළමයාට ගරු කරන්න, ඔහු/ඇය අගය කරන්න.

තමන්ට ඔබගේ ගෞරවය ලැබෙන බව හැඟීම ඔබගේ ළමයාට අවශ්‍ය ය. තම අදහස් සහ හැඟීම් ප්‍රකාශ කිරීමට සෑමවිට ම ඔහුට/ඇයට ඉඩ දෙන්න. ඔබගේ ළමයාගේ අදහස් හා හැඟීම් කිසිවිටෙක නොසලකා නොහරින්න.

ඔබ ඔහුට/ඇයට ගරු නොකළේ නම් ඔහු/ඇය කිසිවිටෙක ඔබ විශ්වාස නොකරයි. දෙමව්පියන් තමන්ට සවන් නොදෙන බවක් හෝ අනාරක්ෂිත බවක් හෝ ළමයාට දැනේ නම්, ඔහු/ඇය කතා කිරීමට කැමැති නොවෙයි.

ඔබගේ පවුල තුළ අනාරක්ෂිත බවක් ඔබගේ ළමයාට දැනෙන්නට ඉඩ තබන්න එපා. තමන්ගේ ම පවුල තුළ තමා සුරක්ෂිත සහ සුවපහසු බව දැනෙන්නට හරින්න.

සියලු ම ආකාරවල හිංසනයන් පිළිබඳව ඔබගේ ළමයා දැනුවත් කරන්න.

සියලු ම ආකාරවල හිංසනයන් පිළිබඳව ඔබගේ ළමයා දැනුවත් කර, තමන් හිංසනයකට පත් වීමේ හැකියාවක් ඇත්තේ කොහේ දී දැයි ළමයාට තේරුම් ගැනීමට සලස්වන්න.

සමහර ගැටලු ඔබගේ ළමයාට තේරුම් නොයන අවස්ථාවක් එළඹුණ විට සරල ක්‍රම මඟින් ඔවුන්ට එය කියා දෙන්න.

උදා: ස්පර්ශ නොකළ යුතු ශරීර අවයව සම්බන්ධයෙන් බෝනික්කන් භාවිත කොට ඔබගේ ළමයාට කියා දෙන්න.cr4

හිංසනයට පත් වන ආකාරය ගැන කියා දීමට අමතරව, ඒවායින් ආරක්ෂා වන ආකාරය සම්බන්ධයෙන් ඔබගේ ළමයා කරුණාකර දැනුවත් කරන්න. තමන්ට ආධාරයක් අවශ්‍ය වුවහොත් ‘1929’ ශ්‍රී ලංකා ළමා උපකාරක සේවාව ඇමතීමට ඔවුන්ට උගන්වන්න.

ඔබගේ ආරක්ෂාව ළමයාට ඉතා වැදගත් වන නමුත් ළමයා ද තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ආකාරය උගත යුතු ය.

cr2

පා කිව්වොත් එපාමයි

අවශ්‍ය නොවන ආකාරයේ ස්පර්ශ හා අපහසුතාව දනවන අවස්ථාවල දී ‘එපා’ යැයි කීමට තමන්ට අයිතියක් ඇති බව ළමයා අවබෝධ කර ගත් බව තහවුරු කර ගන්න.

තමන්ගේ ම පවුලේ සාමාජිකයකුට එරෙහි වීමට ළමයාට විශ්වාසයක් ඇත්නම්, පිටස්තරයන්ට එරෙහි වීමට වැඩි ප්‍රවණතාවක් ඔවුන්ට ඇත.

මයා කනස්සල්ලට පත් කරවන රහස් ගැන කතා කරන්න

තමන්ට වද දෙන රහසක් පිළිබඳව පැවසීමට හැකියාවක් හා යමක් පැවසීමෙන් තමා අනතුරකට පත් නොවන බවට විශ්වාසයක් ඇති වීම ඔබගේ ළමයාට අවශ්‍ය වේ.

එළිදරව් කිරීමට සුදුසු කුමක් ද කවර විටෙක දී ද යන්න ඔහුට/ඇයට දැනෙන හා පහසු වන පරිදි, ‘හොඳ’ හා ‘නරක’ රහස් අතර වෙනස ඔහුට/ඇයට පැහැදිලි කර දෙන්න.

නරක රහස්:

  • ඔබ අපහසුතාවට, කනස්සල්ලට, දුකට හෝ තැති ගැන්මට පත් කරයි.
    හොඳ රහස්:
  • පුදුමයට පත් කරවන ප්‍රිය සම්භාෂණයක් වැනි හොඳ දෙයක් විය හැකි ය.
  • සාමාන්‍යයෙන් අවසානයේ දී එළිදරව් වේ.

හිංසනය පිළිබඳව කිසිවකු හා පැවසීමෙන් ළමයා වැළැක්වීම සඳහා හිංසකයන් විසින් භාවිත කරන ප්‍රබල ම අවිය ‘රහස්’ වන බැවින් ඉහත වෙනස පිළිබඳව ළමයා දැන සිටීම වැදගත් වේ. තමන්ට සිදු වන දෙය කිසිවකු හා පැවසීමට ළමයා තැති ගැන්වීම හෝ කනස්සල්ලට පත් කරවීම සඳහා ඔවුන්ගේ ක්‍රමය වන්නේ ‘අපේ මේ පුංචි රහස’ වැනි වාක්‍යාංශ වේ.

හෙළිදරව් කරන්න, උදව් කිරීමට කිසිවකුට හැකි වේවි

තමන් අපහසුතාවකට පත් කරවන යමක් ඇත් නම් විශ්වාසවන්ත වැඩිහිටියකු සමඟ කතා කරන ලෙස ඔබේ ළමයාට උගන්වන්න.

cr1

විශ්වාසවන්ත වැඩිහිටියා පවුලේ සාමාජිකයකු ම වීම අවශ්‍ය නොවේ. ඒ,

  • ගුරුවරයකු
  • සීයා, ආච්චී, මාමා හෝ නැන්දා වැනි ඥාතියකු
  • මිතුරකුගේ දෙමව්පියකු හෝ
  • 1929 ළමා උපකාරක සේවය හෝ විය හැකි ය.

ළමයාට කතාබහ කිරීමට වඩාත් පහසු වන පුද්ගලයා කවරකු හෝ වුවත්, මෙම වැඩිහිටියා සවන් දෙන බවත්, තමන් අපහසුතාවට පත් කරන කුමක් හෝ දෙය නැවැත්වීමට උදව් විය හැකි බවත් ඔබගේ ළමයාට ඒත්තු ගන්වන්න.

ප්‍රශ්නය කුමක් වුවත් එය ඔවුන්ගේ වරදක් නොවන අතර කතා කිරීම හේතුවෙන් ඔවුන් කිසිවිටෙක කරදරයක නොවැටෙන බව ඔබේ ළමයාට සිහිපත් කරවන්න.

“සුරැකුම හා ආරක්ෂාව ඉබේ ම සිදු වන්නේ නැත. ඒවා සාමූහික එකඟතාව හා ජනතා ආයෝජනවල ප්‍රතිඵලයි. අපේ ළමයින්ට, අප සමාජයේ ඉතා ම අවදානම් සහගත පුරවැසියන්ට, ප්‍රචණ්ඩත්වයෙන් හා භීතියෙන් තොර වූ ජීවිතයක් ලබා දීමට අපි බැඳී සිටිමු.” ~ නෙල්සන් මැන්ඩෙලා ~

ළමයින් යනු අපගේ ගරුත්වය වන බැවින් ‘ළමා හිතකාමී’ පරිසරයක් ගොඩනැඟීම අපගේ පොදු වගකීම්වලින් එකකි.

“1929 ශ්‍රී ලංකා ළමා උපකාරක සේවාව” ඔබට හුරුපුරුදු ද?

  • ඕනෑ ම ආකාරයක ළමා හිංසනයක් වාර්තා කිරීමට හෝ දැනුම් දීමට ඇති හොඳ ම ක්‍රමය මෙයයි. මෙය, සෑම ළමයකුගේ ම යහපැවැත්ව පිළිබඳව සිතන ළමා ආරක්ෂක අධිකාරිය මඟින් සැලසෙන පැය 24 ම ක්‍රියාත්මක, අය කිරීමක් නොමැති සේවාවකි.

ළමයින් ඕනෑ ම ආකාරයක ප්‍රචණ්ඩත්වයකට විවෘතව සිටිනු ඔබ දකින කිසිදු අවස්ථාවක එය නොතකා නොසිටින්න. කරුණාකර ඔවුන්ට උපකාර කර ඔවුන් සුරක්ෂිත බව ඔවුන්ට තහවුරු කර දෙන්න.

ළමයින් ඉතා මොළොක් හා සංවේදී ය. අප ළමයින් සමඟ වැඩ කරන විට සංවේදී පුද්ගලයන් වශයෙන් අප සිතිය යුතු ය; බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්විය යුතු ය.

ඉතින් අපි විස්මයජනක ළමයකු නිර්මාණය කරමු; අමතක නොවන ළමා වියක් ඔවුන්ට උරුම කර දෙමු.
“සමාජයක ජීවත් වන ළමයින්ගේ හා වැඩිහිටියන්ගේ තත්ත්වය මැන බැලීමෙන් අපට සමාජයේ වටිනාකම මැන බැලිය හැකි ය.” ~ මහාත්මා ගාන්ධි ~

එබැවින්, ළමයින් හා වැඩිහිටියන් යම් සමාජයක සුරක්ෂිත වෙත් නම්, එහි අදහස එම සමාජය වගකීමක් සහිත එකක් වන අතර ඕනෑ ම අයකුට සතුටින් ජීවත් වීම සඳහා ආරක්ෂිත බවයි. එබැවින් අපි අපගේ සමාජය වටිනා ස්ථානයක් බවට පත් කරමු.

ඔබගේ දැන ගැනීමට

ළමා ලිංගික හිංසනය පිළිබඳ වැරදි වැටහීම් කිහිපයක් වේ. මෙම වැරදි වැටහීම්වලින් වෙන් කොට සත්‍ය තත්ත්වය හඳුනාගෙන මිථ්‍යාවේ පූර්ව නිගමනවලින් මිදීම මඟින් අපේ ළමයින් සුරක්ෂිත කිරීමේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට ඇත්තට ම හැකි වනු ඇත.

  • කුඩා ගැහැණු හා පිරිමි ළමයින් ලිංගික සූරා කෑමට ලක් වීමේ අවදානම එක හා සමාන වේ.
  • ඕනෑ ම ගැහැණු ළමයකු ලිංගික හිංසනයකට ගොදුරක් විය හැකි අතර ඊට ඇය ලස්සන වීම හෝ නොවීම අදාළ නොවේ.
  • බහුතර අපරාධකරුවන් පිරිමින් වන නමුත් ලිංගික හිංසනයක අපරාධකරු පිරිමියකු හෝ ගැහැණියක විය හැකි ය.
  • නැඹුරුතාවක් ඇති ඕනෑ ම පුද්ගලයකු ලිංගික හිංසකයකු විය හැකි අතර එය සමලිංගිකයන්ට පමණක් සීමා වී නොමැත.
  • හිංසකයන් වන්නේ පිටස්තරයන් පමණක් නොවේ. ඥාතියකු, පවුලේ මිතුරකු, ගුරුවරයකු, අතිරේක ගුරුවරයකු (සතිඅන්ත පන්ති), අසල්වැසියන් වැනි ඔබ විශ්වාසය තබන හෝ ඔබගේ පවුලට ඉතා සමීප අයකු හෝ ඔබ ගරු කොට සලකන සහ හිංසනයෙහි යෙදෙන්නකු ලෙස ඔබ කිසි සේත් නොසිතන අයකු පවා ලිංගික හිංසකයකු විය හැකි ය.
  • ඔහු හෝ ඇය දෙස බැලීමෙන් පමණක් ලිංගික හිංසකයකු පහසුවෙන් හඳුනා ගැනීමට ඔබට නුපුළුවන. ඉහළ තත්ත්වයක් උසුලන්නකු, ඉහළ රැකියාවක් කරන්නකු හෝ ප්‍රජාව තුළ හොඳින් ක්‍රියා කරන්නකු යන ඕනෑ ම කෙනකු හිංසකයකු විය හැකි ය.
  • ළමා හිංසනය ඕනෑ ම සමාජ මට්ටමක දී සිදු විය හැකි ය. ඕනෑ ම ළමයකුට එය බලපෑ හැකි අතර ඊට වයස, පුමිතිරිබව, පවුලේ ආදායම, සංස්කෘතිය, කුළය, ජාතිය, භෞතික පෙනුම, ලිංගිකතාව, බුද්ධිය, ආබාධිත බව අදාළ නොවේ.
  • ළමා ලිංගික හිංසනයක අවදානම සෑම තැනක ම වේ. මගේ ළමයාට මෙය සිදු නොවෙතැයි සිතීම මිථ්‍යාවක් වන අතර එයින් අවදානම කිසි සේත් ම නිෂ්ප්‍රභ වී නොයනු ඇත. එබැවින් ළමයා පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වීමෙන් අවදානම බැහැර වේ.
  • තමන්ට සිදු වීමට ඉඩ ඇති අනතුර පිළිබඳව ළමයින් දැනුවත් කිරීම මඟින් අවධානයෙන් සිටීමට සහ අවදානම් සහිත අවස්ථාවන් මඟ හැරීමට ඔවුන්ට හැකි වන බව අධ්‍යයනයන් මඟින් සොයා ගෙන ඇත.
  • තම දෙමව්පියන්ගේ හා සමාජයේ ප්‍රතික්‍රියා සහ ප්‍රතිචාරවලට ළමයා ලජ්ජා හෝ බිය විය හැකි බව සෑම විටක ම සත්‍යයක් නොවේ.
  • මෙය සත්‍යයක් වීම අවශ්‍ය නොවේ. ළමයා සිදුවීම අනාවරණය කළ විට සුරක්ෂාවට හා සැනසීමට නිසි පියවර ගත්තේ නම්, ඔහු හෝ ඇය හිංසකයකු වීමට ඇති ඉඩකඩ අඩු ය.
  • තමන්ගේ ම ළමයා හෝ වෙනත් අයකුගේ ළමයකු හෝ වේවා, හිංසනයක් සිදු වූ බව දන්නා සියලු ම දෙනා එය වාර්තා කිරීම සඳහා වගකිවයුත්තෝ වෙති.

ළමයකුගේ ජීවිතය, යන එන්නන් සියලු ම දෙනා විසින් සලකුණක් තබා යන කඩදාසියක් වැනි ය. – පුරාණ චීන පිරුළක්

ලොව පුරා සිටින දස දහස් සංඛ්‍යාත ළමයින් සම්පූර්ණයෙන් ම ආරක්ෂිත නැති බව සත්‍යයකි. සෑම දිනක ම පාහේ හිංසනයකට, නොසලකා හැරීමකට, ප්‍රචණ්ඩත්වයකට, සූරාකෑමකට සහ/හෝ කොන් කිරීමකට ඔවුහු ලක් වෙති.

හානිකර වූ යමක් සිදු වීමට පෙර සහ හිංසනය සිදු වූවායින් පසු හෝ දෙමව්පියන් සහ භාරකරුවන් සිය ළමයින් සුරැකීම හා දැනුවත් කිරීම අතිශයින් වැදගත් වේ.

ළමා ආරක්ෂණය යනු කුමක් ද?

ළමා ආරක්ෂණය යනු “ළමයින්ට එරෙහි හිංසනය, නොසලකා හැරීම, සූරා කෑම හා ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා ඊට ප්‍රතිචාර දැක්වීම” ය. සියලු ම ළමයින්ට ආරක්ෂාව සඳහා අයිතියක් ඇත. සියලු ම අවස්ථාවල දී භෞතිකමය හා හැඟීම්මය රැකවරණය හා ආරක්ෂාව ලැබීමට ඔවුන්ට අයිතියක් ඇත.

ළමයින් සඳහා ආරක්ෂාව සහ ආදරය ඇති ගෘහමය පරිසරයක් ගොඩනැඟීම සඳහා ආරක්ෂාවේ ස්වාභාවික ආරම්භය පවුල වේ. ඉන් අනතුරුව, නිවසින් බැහැර සුරක්ෂිත පරිසරයක් ගොඩනැඟීමේ වගකීම ඇත්තේ පාසල්වලට සහ ප්‍රජාවට ය. ඔවුන්ගේ සම්පූර්ණ විභවය දක්වා සුරැකීමට, වැඩීමට, ඉගෙනීමට හා සංවර්ධනයට හැකි වන පරිදි පවුල, පාසල හා ප්‍රජාව තුළ ළමයින්ට පූර්ණ ආරක්ෂාව සැලසිය යුතු ය.

ළමා හිංසනය යනු කුමක් ද?

ළමා හිංසනයක් ඇති වීමට හේතුව අවබෝධ කර ගැනීම පහසු නොවන අතර ළමා හිංසනය සඳහා තනි පැහැදිලි කිරීමක් නොමැත. එය මනෝවිද්‍යාත්මක හා සමාජමය කරුණුවල සංකීර්ණ සංකලනයක ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් අයුතු ලෙස සලකනු ලැබූ ළමයින්ගේ යහපැවැත්මට ඉන් බලපෑමක් ඇති කරන බැවින් ළමයකු සහ ඔහුගේ/ඇයගේ අනාගතය කෙරෙහි හිංසනයෙහි බලපෑම මැනීම උගහට ය.

හිංසනයට ගොදුරු වූ ළමයාට නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමේ හානියක් පැමිණේ. තිගැස්මකට ලක් වීම, තැති ගැන්ම සහ ආත්ම විශ්වාසය නැති වීම වැනි භෞතිකමය හා හැඟීම්මය අයහපත් බලපෑම් ළමයා විඳියි. ඔහු/ඇය කිසිවකු විශ්වාසය කිරීමට මෙන් ම අධ්‍යාපන කටයුතුවලට සිත එකඟ කර ගැනීමට සහ කෑමට, නිදා ගැනීමට හෝ සමාජයට මුහුණදීමට අපොහොසත් වනු ඇත.

“වයස අවුරුදු 18ට අඩු සියලු ම ගැහැණු සහ පිරිමි ළමයින් ළමයින් ලෙස අර්ථ දැක්වේ.”
ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 1 වැනි වගන්තිය

ළමා හිංසනය විවිධ ආකර ගනී:

  • භෞතික හිංසනය
  • ලිංගික හිංසනය
  • හැඟීම්මය හිංසනය
  • නොසලකා හැරීම
  • වද දීම

භෞතික හිංසනය

පුද්ගලයකු විසින් සිදු කරනු ලබන, ළමයකුට හිරිහැරයක් විය හැකි අන්දමේ, ඕනෑ ම භෞතික හෝ ශාරීරික ක්‍රියාවක් භෞතික හිංසනයකි. පහර දීම, පයින් ගැසීම, අතුල් පහර දීම, සෙලවීම, පිළිස්සීම, කෙණිත්තීම, සැපීම, හුස්ම හිර කිරීම, විසි කිරීම, තල්ලු කිරීම හා කස පහර දීම ඊට ඇතුළත් ය. භෞතික දඬුවමක් දීමෙන් තොරව ළමයකු හදා ගැනීමට අමාරු බව බොහෝ වැඩිහිටියෝ කල් ඇතිව ම සිතති. කස පහර දීමට හෝ තැලීමට ලක් වූ දරුවෝ වැඩුණු පසුව හා වැඩිහිටියකු වූ පසුව කළහකාරී හැසිරීමක් පෙන්නුම් කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්වති. එය, හැසිරීම වැඩි දියුණු කිරීම සඳහා ‍ශෝධක ක්‍රියාවක ප්‍රතිඵලදායක ආකාරයක් නොවන අතර, කාංසාව හා මානසික විඳවීම යන දෙකෙහි ම අවදානම වැඩි කරවයි. එබැවින්, ශාරීරික දඬුවම් දීම දැන් ශ්‍රී ලංකාවේ පාසල්වල තහනම් කර ඇති අතර, එවැනි දඬුවම් නොව වෙනත් ධනාත්මක හික්මවීමේ විධි භාවිත කරන ලෙස දෙමව්පියන්ට හා ගුරුවරුන්ට උපදෙස් දී ඇත.

ලිංගික හිංසනය

යම් ආකාරයක ලිංගික ක්‍රියාවක කොටස්කරුවකු වන ලෙස වැඩිහිටියකු විසින් හෝ තරුණයකු විසින් ළමයකුට පීඩනයක් එල්ල කිරීමෙන්, බලපෑමක් කිරීමෙන් හෝ රැවැට්ටවීමෙන් ලිංගික හිංසනයක් සිදු වේ. ළමයාගේ ලිංගික අවයව අතපත ගෑම, ශිෂ්ණය, ඇඟිල්ල හෝ වෙනත් දෙයක් යෝනියට හෝ ගුදයට ඇතුළු කිරීම සහ ස්වයංවින්දනය ආදී පුළුල් පරාසයක ලිංගික ස්පර්ශයන් ඊට ඇතුළත් වේ. එසේ ම ප්‍රදර්ශනකාමය, අසභ්‍ය පොතපත, විකෘති ක්‍රියා සහ මෞඛ ලිංගික ක්‍රියා ආදියට නිරාවරණය කිරීම වැනි ලිංගික ගැටුමක් නොමැති ක්‍රියා ද ඊට අයත් වේ.

හැඟීම්මය හිංසනය

ළමයාගේ හැඟීම්මය වර්ධනයට හානි පමුණුවන ආකාරයෙන් වැඩිහිටියකු විසින් ළමයකුට සැලකීම හැඟීම්මය හිංසනයට ඇතුළත් වේ. වැඩිහිටියකු විසින් ළමයකු වෙත දක්වන, ළමයා තුළ බරපතල, ඍණාත්මක හැඟීම්මය බලපෑමක් ඇති වීමට ප්‍රවණතාවක් ඇති, ආකල්පයක් හෝ ක්‍රියාවක් ඊට ඇතුළත් වේ. එය ළමයා තුළ තැතිගැන්මක්, අනාරක්ෂිත බවක්, නොවටිනාබවක් හා අනාදරයක්, කාංසාවක්, විෂාදයක් සහ ස්වයං විනාශකාරී හැසිරීමක් ඇති කරයි. එය ළමයාගේ භෞතික, සමාජමය සහ බුද්ධිමය හෝ හැඟීම්මය වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපා හානි ඇති කරයි. තම නිවසේ දී ප්‍රචණ්ඩත්වය සියැසින් දකින ළමයින්ට ද මෙය සිදු විය හැකි ය.

හැඟීම්මය හිංසනයට පහත දැක්වෙන රටාව ඇතුළත් විය හැකි ය:

  • දොස් කීම
  • ප්‍රතික්ෂේප කිරීම
  • ළමයාට වාග් ප්‍රහාර එල්ල කිරීම
  • තර්ජනය කිරීම
  • අපහාස කිරීම
  • මෝඩයා හෝ වෙනත් නරක නම්වලින් ළමයා ඇමතීම
  • මොර දීම හෝ කෑගැසීම
  • සිනහවට ලක් කිරීම
  • නින්දා කිරීම

නොසලකා හැරීම

නොසලකා හැරීම ඉතා සුලබ ළමා හිංසනයකි. ළමයාගේ දෙමව්පියන් හෝ භාරකරුවන් ළමයාට අවධානය යොමු නොකිරීම හෝ ළමයාට ආහාර, ඇඳුම් පැළඳුම්, සෙවණ, මූලික සෞඛ්‍යාරක්ෂාව වැනි අතිශය වැදගත් අවශ්‍යතාවන් හෝ සුපරීක්ෂාව, පෝෂණය කිරීම, අවදානම්වල දී ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීම සහ ළමයාගේ හඬට අවධානයක් යොමු නොකිරීම හෝ ළමයා අසාධාරණ හෝ අසමාන සැලකීම්වලට ලක් කිරීම හේතුවෙන් මෙය ඇති වේ.

වද දීම

ළමයකු හෝ ළමයින් කණ්ඩායමක් විසින් වෙනත් ළමයකුට හෝ ළමයින්ට සිතාමතා ම තර්ජනය, නින්දා හෝ හිංසා සිදු කිරීම වද දීම යනුවෙන් හැඳින්වේ. මෙය වෙනත් අයකුට හානියක් සිදු කිරීමේ හා ඔහු/ඇය පීඩනයකට හෝ කණස්සල්ලකට පත් කිරීමේ අරමුණින් සිතාමතා කරන සවිඤ්ඤානක ක්‍රියාවකි. භෞතිකව, වාචිකව, අභිනයෙන්, උදුරා ගැනීමෙන් හා නෙරපා හැරීමෙන් එය සිදු කළ හැකි ය. වද දීම්වල වින්දිතයෝ ආත්ම විශ්වාසය නොමැති වීම, දුර්වල ආත්ම අභිමානය, පාසලට පැමිණීමේ දුර්වලකම් සහ දුර්වල අධ්‍යාපනික කාර්යසාධනයන් පෙන්නුම් කරති.